Loading surah...
Back to Sinhala Quran
93 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓ ۚ تِلْكَ ءَايَٰتُ ٱلْقُرْءَانِ وَكِتَابٍۢ مُّبِينٍ
තා. සීන්. මේවා ශුද්ධ වූ කුර්ආනයේ සමහර ආයාවන් වන්නේය. තවද (මෙම ශුද්ධ වූ කුර්ආනය) පැහැදිලි ධර්මය වන්නේය.
هُدًۭى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ
විශ්වාසය තැබූවන්ට (මෙය) එක් ඍජු මාර්ගයක් වශයෙන්ද, ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය.
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ
ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. තවද ඔවුන් පරලොවද ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ.
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ
කවුරුන් පරලොව නියත වශයෙන්ම විශ්වාස නොකළෝද, ඔවුන්ට (ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හේතුවෙන්) අපි ඔවුන්ගේ (නපුරු) කාරණාවන් අලංකාරවත් කර හැරියෙමු. එබැවින් ඔවුන් (එහි) මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَهُمْ سُوٓءُ ٱلْعَذَابِ وَهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ
මෙවැන්නන්ට නපුරු දඬුවමම (බලාපොරොත්තුවෙන්) ඇත්තේය. විනිශ්චය දිනදී නම්, ඔවුන් ඉමහත් පරාජිතයින් වශයෙන්ම සිටින්නාහ.
وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ
(නබියේ!) නියත වශයෙන්ම ඉතාමත් ඥානවන්ත හා (සියල්ල) හොඳින් දන්න අය මගින් මෙම කුර්ආනය ඔබට ලබා දෙන ලදී.
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِۦٓ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا سَـَٔاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ ءَاتِيكُم بِشِهَابٍۢ قَبَسٍۢ لَّعَلَّكُمْ تَصْطَلُونَ
මූසා (තූර් නමැති කන්ඳ අසළින් යමින් සිටියදී) තම පවුලේ උදවියට “නියත වශයෙන්ම මා එක් ගින්නක් දකින්නෙමි. (ඔබ ටිකක් නැවතී සිටිනු. මා ගොස් අපගේ මාර්ගය ගැන) යම්කිසි කාරණාවක් එහි සිට දැනගෙන එන්නෙමි. නැතහොත් ශීතයට ගිනි තැපීමට ගිනි පෙණෙල්ලක් හෝ ගෙන එන්නෙමි” යයිද කීවේය.
فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
ඔහු ඒ අසළට පැමිණි අවස්ථාවේදී “ගින්නෙහි සිටින්නා (මලායිකාවරයා) මතද, ඒ අසළ සිටින්නා (මූසා) මතද, ඉමහත් භාග්‍යය ලබා දෙන ලදී” යයි (දෙවියන්ගේ සන්නිධානයෙන් ශබ්ද නගා පවසන) ලද අතර “ලෝකයන් සියල්ල පෝෂණය කර, පරිපාලනය කරන අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයි පවසන ලදී.
يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
(තවද) “ඕ මූසා! නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා සියල්ලන්ටම බලසම්පන්නයෙකි. (සියල්ල හොඳින් දන්නා) ඥානවන්තයෙකි”යයි පවසන ලදී.
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّۭ وَلَّىٰ مُدْبِرًۭا وَلَمْ يُعَقِّبْ ۚ يَٰمُوسَىٰ لَا تَخَفْ إِنِّى لَا يَخَافُ لَدَىَّ ٱلْمُرْسَلُونَ
“ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” යයිද, පවසන ලදී. එසේ ඔහු එය වීසි කළ විට), නාගයෙකු මෙන් සෙළවීම දැක (බිය වී) ඔහු ආපසු හැරී නොබලා (උගෙන්) ඈත් වී දිව්වේය. (එබැවින් අපි මූසාට) “ඕ මූසා! ඔබ බිය නොවනු. නියත වශයෙන්ම මා වෙත කිසිම දූතයෙකු බිය නොවන්නාහ.
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًۢا بَعْدَ سُوٓءٍۢ فَإِنِّى غَفُورٌۭ رَّحِيمٌۭ
එහෙත් වැරදි කළ අය හැර. (එහෙත්) ඔහුද (තමන්ගේ) වැරැද්ද (වටහාගෙන එය) හොඳක් බවට පරිවර්තනය කර ගතහොත් නියත වශයෙන්ම මා (ඔහුවද) ක්ෂමා කර කරුණාව දක්වන්නෙකු වශයෙන්ම සිටින්නෙමි”.
وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ ۖ فِى تِسْعِ ءَايَٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ
“(ඕ මූසා!) ඔබ, ඔබගේ අත, ඔබගේ ලපැත්තෙහි ඇති (කමිස සාක්කුවෙහි) දමනු. එය නපුරෙන් තොර ස්වේත වර්ණයෙන් (ආලෝකමත් වී දීප්තිමත්ව) එළියට එනු ඇත. (මෙම සාධකයන් දෙකම) ෆිර්අව්න්ටද, ඔහුගේ ජනතාවටද (ඔබ ගෙන යාමට) අයත් සාධකයන් නවයෙන් ඇති ඒවා වන්නේය. ඇත්තෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාව වශයෙන් සිටින්නාහ”යයි පවසන ලදී.
فَلَمَّا جَآءَتْهُمْ ءَايَٰتُنَا مُبْصِرَةًۭ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ مُّبِينٌۭ
(මූසාට ලබා දෙන ලද) අපගේ පැහැදිලි ප්රාතිහාර්යයන් ඔවුන් වෙත පැමිණි විට, “මෙය පැහැදිලි සූනියමකි” යයි ඔවුන් පැවසූහ.
وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًۭا وَعُلُوًّۭا ۚ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ
ඔවුන්ගේ හෘදයන් එය (සත්‍යය යයි) ස්ථීරවත් වුවද, උඞඟූ වී අපරාධයක් වශයෙන් එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් මෙම අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූවේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු.
وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَٰنَ عِلْمًۭا ۖ وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍۢ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ
දාවූද්ටද, සුලෙයිමාන්ටද නියත වශයෙන්ම අපි (මෙලොවදීද, පරලොවදීද ප්‍රයෝජනවත් වන) අධ්‍යාපනය ලබා දුන්නෙමු. එයට ඒ දෙදෙනාම “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. ඔහුම විශ්වාසය තැබූ තමන්ගේ (හොඳ) වහලූන්ගෙන් බොහොමයක් දෙනාට වඩා අපව උසස් කර තැබුවේය” යයි පවසා (කෘතඥ) වූහ.
وَوَرِثَ سُلَيْمَٰنُ دَاوُۥدَ ۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَىْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَضْلُ ٱلْمُبِينُ
පසුව සුලෙයිමාන්, දාවූද්ට උරුමක්කාරයා කර, “මිනිසුනේ! පක්ෂීන්ගේ භාෂාව අපිට උගන්වා දෙනු ලැබ ඇත්තේය. අපට (අවශ්‍ය) සියලූ වස්තූන්ද, (අප්‍රමාණවම) දෙනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම මෙය (දෙවියන්ගේ) ඉතාමත් පැහැදිලි වරප්රසාදයකි” යයි පවසා (කෘතඥද) වූවේය.
وَحُشِرَ لِسُلَيْمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ وَٱلطَّيْرِ فَهُمْ يُوزَعُونَ
ජින්වරුන්, මිනිසුන්, පක්ෂීන් ආදීන්ගෙන් යුත් සුලෙයිමාන්ගේ යුධ සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර, විවිධ ජාතීන්ට අනුව පෙළගස්වන ලදී.
حَتَّىٰٓ إِذَآ أَتَوْا۟ عَلَىٰ وَادِ ٱلنَّمْلِ قَالَتْ نَمْلَةٌۭ يَٰٓأَيُّهَا ٱلنَّمْلُ ٱدْخُلُوا۟ مَسَٰكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَٰنُ وَجُنُودُهُۥ وَهُمْ لَا يَشْعُرُونَ
ඒවා කුහුඹුවන් වාසය කරන එක් ඇළක් අසළින් පැමිණි අවස්ථාවේදී (ඒවායෙහි) එක් ගැහැනු කුහුඹුවෙකු (අනිත් කුහුඹුවන්ට) “ඕ කුහුඹුවණි! ඔබ, ඔබගේ නිවෙස් තුළට ඇතුළු වනු. සුලෙයිමාන්ද, ඔහුගේ යුධ සේනාවද, (ඔබ සිටිනු) නොදැනුවත්ව ඔබව (තමන්ගේ කකුල්වලින්) පාගා නොදැමිය යුතුය” යයි පැවසීය.
فَتَبَسَّمَ ضَاحِكًۭا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًۭا تَرْضَىٰهُ وَأَدْخِلْنِى بِرَحْمَتِكَ فِى عِبَادِكَ ٱلصَّٰلِحِينَ
උගේ වදනට සවන් දුන් සුලෙයිමාන් මද සිනහවක් පාමින්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, ලබා දුන් ඔබගේ වරප්රසාදයන්ට (ඔබට) මා කෘතඥ වීමට දයාව පහළ කරනු මැනව! ඔබ සෑහීමට පත් විය හැකි දැහැමි කාරණාවන්ද මට කළ (හැකි භාග්‍යය මා හට ලබා දී) දයාව පහළ කර, ඔබගේ දයාව මගින් ඔබගේ හොඳ වහලූන්ගෙන් මාවද එකතු කර හරිනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.
وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ
ඔහු පක්ෂීන්ව පිරික්සුමට ලක් කළ අවස්ථාවේදී “කිමෙක්ද කාරණාව? මා හට හූද් හූද් (නමැති පක්ෂියාව) දක්නට නැත්තේ! (එය පක්ෂීන්ගේ තද බදයෙන්) සැඟවී ඇත්තේද? (නැතහොත් මගේ අනුමැතියෙන් තොරව කොහේ හෝ ගියේද?
Page 1 of 5 (93 ayahs)