Loading surah...
Back to Sinhala Quran
88 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓمٓ
තා. සීම්, මීම්.
تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ
(නබියේ!) මේවා පැහැදිලි මෙම ධර්මයෙහි ඇති සමහර ආයාවන් වන්නේය.
نَتْلُوا۟ عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِٱلْحَقِّ لِقَوْمٍۢ يُؤْمِنُونَ
(නබියේ!) විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් මූසා, ෆිර්අව්න් ගැන සමහර සත්‍ය කාරණාවන් අපි ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමු.
إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًۭا يَسْتَضْعِفُ طَآئِفَةًۭ مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْ ۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ
නියත වශයෙන්ම ෆිර්අව්න් භූමියෙහි ඉතාමත් උඞඟූ වී එහි සිටි අය විවිධ කොටස් වලට ඛෙදා ඔවුන්ගෙන් එක් කොටසක් ඛෙලහීන කිරීම පිණිස, ඔවුන්ගේ පිරිමි දරුවන්ව ඝාතනය කර, ගැහැනු දරුවන්ව (පණ පිටින්) ජීවත් වීමට ඉඩ හරිමින් සිටියේය. ඇත්තෙන්ම ඔහු ඉමහත් අපරාධකාරයෙකු වශයෙන්ම සිටියේය.
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ فِى ٱلْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةًۭ وَنَجْعَلَهُمُ ٱلْوَٰرِثِينَ
එහෙත් භූමියෙහි ඔහු ඛෙලහීන කළ අය කෙරෙහි අපි දයාව පහළ කර, ඔවුන්ව ප්‍රධානීන් බවට පත් කර, (බලසම්පන්නයන් වශයෙන් සිටි ඔවුන්ගේ වස්තූන්ටද) මොවුන්වම උරුමක්කාරයින් කිරීමට අදහස් කළෙමු.
وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا۟ يَحْذَرُونَ
එම භූමියෙහි අපි ඔවුන්ට ආධිපත්‍යය ලබා දී ෆිර්අව්න්ද, හාමාන්ද, ඔවුන්ගේ යුද සේනාවද ඔවුන් වෙතින් කුමක් (වැළැක්විය යුතුද යන්න) ඔවුන් බිය වෙමින් සිටියෝද, එය ඔවුන්ට පෙන්වීමටද (අදහස් කළෙමු).
وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ
(එබැවින් ඛෙලහීනයන්ගෙන් මූසාව අපි උත්පාදනය කළෙමු. මූසා ඉපදුණු අවස්ථාවේදී ඛෙලහීනයන් වශයෙන් සිටි මොවුන්ගේ පිරිමි දරුවන්ව ෆිර්අව්න්, වද හින්සා කරමින් සිටියේය. එබැවින් මූසාගේ මව, තමන්ගේ මෙම දරුවාටද, ෆිර්අව්න්, වද දෙනු ඇතැයි බිය වී වෙව්ලන්නීය). එබැවින් (ඒ අතර) මූසාගේ මවට අපි වහී (මගින්) දැනුම් දුන්නෙමු. “(දරුවා ඔබ වෙතම තබාගෙන) ඔහුට කිරි දෙමින් සිටිනු. (ඔබ වෙත තබා ගැනීමෙහි) ඔහු ගැන ඔබ බිය වන්නේ නම් ඔහුව ගෙඟහි වීසි කර දමනු. ඔබ ඔහු ගැන කණගාටු නොවනු! බිය නොවනු! නියත වශයෙන්ම අපි ඔහුව ඔබ වෙතම ගෙනැවිත් සේන්දු කර, ඔහුව (අපගේ) දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද පත් කර හරින්නෙමු!”
فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّۭا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُوا۟ خَٰطِـِٔينَ
(එබැවින් මූසාගේ මව ඔහුව පෙට්ටියක තබා ගෙඟහි අත හැරියාය). එම දරුවාව ෆිර්අව්න්ගේ පවුලේ අයගෙන් කෙනෙකු ඇර ගත්තේය. (පසු කලකදී) ඔවුන්ට සතුරන් වී (ඔවුන්ට) දුක් කරදර ගෙන දිය හැකි (එම දරුවා, ඔවුන් ඇර ගත් බැවින්) ෆිර්අව්න්ද, හාමාන්ද, ඔවුන්ගේ යුද සේනාවන්ද, නියත වශයෙන්ම විශාල වැරැද්දක් කළ අය බවට පත් වූහ.
وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍۢ لِّى وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا وَهُمْ لَا يَشْعُرُونَ
(එම දරුවා දුටු) ෆිර්අව්න්ගේ බිරිඳ (තම ස්වාමිපුරුෂයාට) “මටත් ඔබටත් (මෙය) එක් ඇස් පිනා යාමක් වශයෙන් ඇත්තේය. ඔබ මෙයට වද නොදී සිටිනු! (මෙමගින්) අපි හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් මෙය අපි අපගේ දරුවෙක් ලෙසට හදා වඩා ගත හැකිය” යයි පැවසුවාය. එහෙත් (මොහුගෙන්ම තමන්ට විනාශයක් සිදු වේවි යන්න) ඔවුන් දැන සිටියේ නැත.
وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًا ۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ
මූසාගේ මවගේ හදවත (ඔහුව ගෙඟ් වීසි කළ පසු දුකෙන්) තැවී ගියේය. ඇය විශ්වාසවන්තයින්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටීම සඳහා ඇයගේ හදවත (අපගේ පොරොන්දුව මගින්) අපි ස්ථීර නොකළේ නම්, ඇය මෙය (මෙම කාරණාව සියල්ලන්ටම) එළිදරව් කරන්නට ඉඩ තිබුණි.
وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍۢ وَهُمْ لَا يَشْعُرُونَ
(එම දරුවා පෙට්ටියේ තබා ගෙඟ් අත හැරිය පසු) එම දරුවාගේ සහෝදරියට “ඔබ (ගෙඟ් පාවෙමින් යන) එය අනුගමනය කර පසුපස යනු” යයි පැවසුවාය. (පසුපස අනුගමනය කර ගිය) ඇයද එය (ඇර ගත්) අයට නොදැනෙන සේ (ඒ ගැන කුමක් සිදු වන්නේදැයි) ඈත සිට අවධානය කරමින් සිටියාය.
۞ وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍۢ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَٰصِحُونَ
(දරුවා ඇර ගත් අය, එයට කිරි දීමට බොහොමයක් කිරි මව්වරුන් කැඳවාගෙන පැමිණියාහ). මීට පෙරම එම දරුවා (කිසිවෙකුගේ) කිරිද නොබී වළක්වා හැරියෙමු. (එබැවින් මේ ගැන ඔවුන් අන්ද මන්ද වී සිටි අවස්ථාවේදී මූසාගේ සහෝදරිය, ඔවුන් ඉදිරියට පැමිණ), “ඔබ වෙනුවෙන් (මෙම දරුවාට කිරි මවක් වශයෙන් සිටිමින්) හදා වඩා ගනිමින් වගකීම බාර ගෙන, ඔහුගේ හොඳ නරක බලා කියා ගැනීමට හැකි ගෙහිමියෙකු මා ඔබට දැනුම් දෙන්නද?”යි විමසුවාය.
فَرَدَدْنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
(එයට ඔවුන් කැමති වූ විට, මූසාගේ මව කැඳවාගෙන පැමිණියාය. මෙසේ) අපි ඔහුව, ඔහුගේ මව වෙතම සේන්දු කර, ඇයගේ ඇස් පිනා යාමටද, (ඇය) දුක් නොවී සිටීමටද සලස්වා, අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යයි නියත වශයෙන්ම ඇය දැන ගැනීම සඳහාද සැලැස්සුවෙමු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙහි රහස) දැන ගන්නේ නැත.
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسْتَوَىٰٓ ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
ඔහු තරුණ වියට පත් වී (ජීවිතයේ) ඔහු ස්ථාවරත්වයට පත් වූ විට, ඔහුට ඥානයද, අධ්‍යාපනයද අපි ලබා දුන්නෙමු. මෙසේම හොඳ කරන අයට අපි ඵලවිපාක දෙන්නෙමු.
وَدَخَلَ ٱلْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍۢ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنْ عَدُوِّهِۦ ۖ فَٱسْتَغَٰثَهُ ٱلَّذِى مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِى مِنْ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ ٱلشَّيْطَٰنِ ۖ إِنَّهُۥ عَدُوٌّۭ مُّضِلٌّۭ مُّبِينٌۭ
(දිනක් මූසා) ජනතාව නිදාගෙන (නොසැළකිලිමත්ව) සිටි අවස්ථාවේදී එම රට තුළට ගිය විට, තරුණයින් දෙදෙනෙකු පොර බඳිනු එහිදී ඔහු දුටුවේය. කෙනෙකු ඔහුගේ ජාතියට අයත්ය. අනිත් කෙනා ඔහුගේ සතුරන්ට අයත් කෙනෙකි. සතුරාට විරුද්ධව උදව් කරන මෙන් ඔහුගේ ජාතියට අයත් තැනැත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. (එයට එකඟ වී) මූසා ඔහුට පහරක් ගැසුවේය. ඔහුගේ කාරණාව අවසන් කර දැමුවේය. (ඔහු මරණයට පත් වූවේය. මෙය දැන ගත් මූසා) “මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන්ම ඔහු මාර්ගය වැරද යැවිය හැකි ප්‍රකට සතුරෙකි!” යයි පැවසුවේය.
قَالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَٱغْفِرْ لِى فَغَفَرَ لَهُۥٓ ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
(තවද) ඔහු “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගත්තෙමි. ඔබ මගේ වැරැද්දට සමාව දෙනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය. එබැවින් (දෙවියන්ද) ඔහුගේ වැරැද්දට සමාව දුන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය.
قَالَ رَبِّ بِمَآ أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَكُونَ ظَهِيرًۭا لِّلْمُجْرِمِينَ
(නැවතත් ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! මා කෙරෙහි ඔබ දයාව පහළ කිරීමේ හේතුවෙන් (මින් පසු) වැරදිකරුවන්ට උදව් කරන්නෙකු වශයෙන් මා කිසි විටෙකත් සිටින්නේ නැත” යයි පැවසුවේය.
فَأَصْبَحَ فِى ٱلْمَدِينَةِ خَآئِفًۭا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِى ٱسْتَنصَرَهُۥ بِٱلْأَمْسِ يَسْتَصْرِخُهُۥ ۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِىٌّۭ مُّبِينٌۭ
(පසුදා) උදෑසන එම නගරයෙහි (තමන් ගැන කුමක් සිදු වන්නේදැයි) බිය ගැන්වූවෙකු වශයෙන් අවධානය කරමින් සිටි අවස්ථාවේදී ඊයේ දින උදව් ඉල්ලා සිටි අය (නැවතත් තමන්ට උදව් කරන මෙන්) කෑ ගසා මොහුව ආරාධනා කළේය. එයට මූසා ඔහුට “ඔබ ප්‍රකට කළහකාරයෙකු වශයෙන් සිටින්නෙහිය” යයි (අවමානයෙන් යුතුව) පැවසුවේය.
فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّۭ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسًۢا بِٱلْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًۭا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ
නැවතත් (ඔහුට උදව් කිරීමට කැමති වී) ඔහුටද, තමන්ටද සතුරෙකු වශයෙන් සිටින්නාව අල්ලා ගැනීමට අදහස් කළේය. (එහෙත් ඔහුගේ ජාතිකයා, ඔහු තමන්වම අල්ලීමට පැමිණෙන්නේය යයි වැරදි ලෙස සිතා) “ඕ මූසා! ඊයේ දින මිනිසෙකු ඝාතනය කළාක් මෙන් මාවත් ඔබ ඝාතනය කිරීමට අදහස් කරන්නෙහිද? මෙරටේ (ඔබ මිනී මරණ) ඉමහත් කළහකාරයෙකු වශයෙන් සිටින්නට අදහස් කරන්නෙහි මිස, හොඳ අයගෙන් වූ කෙනෙකු වශයෙන් සිටීමට ඔබ අදහස් කළේ නැත” යයි කෑගැසුවේය.
وَجَآءَ رَجُلٌۭ مِّنْ أَقْصَا ٱلْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَٱخْرُجْ إِنِّى لَكَ مِنَ ٱلنَّٰصِحِينَ
(මෙම කෑගැසීම ජනයා අතර පැතිරී, ඊයේ මිය ගිය අයව ඝාතනය කළේ මූසා යයි ජනයා දැන ගැනීමෙන් ඔහුගෙන් පළි ගැනීමට සොයන්නට වූහ). ඒ අවස්ථාවේදී නගරයේ ඈත කෙළවරේ සිටි මිනිසෙකු (ඉක්මනින්) දිවැවිත් “ඕ මූසා! ඇත්තෙන්ම ඔබව මරා දැමීමට ප්‍රධානීන් සාකච්ඡා කරමින් සිටින්නාහ. එබැවින් ඔබ (මෙරටින්) පිටමං වී යනු. ඇත්තෙන්ම මා ඔබට යහපතක් අදහස් කරන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි” යයි පැවසුවේය.
Page 1 of 5 (88 ayahs)