Loading surah...
Back to Sinhala Quran
54 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْءَاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ
ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය! අහස්හිසද, භූමියෙහිද ඇතිසියල්ල ඔහුටම අයත්ය! (මෙලොවදීද), පරලොවදීද සියලූ ප්රශංසාඔහුටම අයත්ය! ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින්දන්නෙකු වශයෙන් සිටින්නේය.
يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ
භූමියෙහි පතිත වන (බීජයන් ආදී)දැයද, එයින් ඉකුත් වන (ගස් කොලන් ආදී) දැයද, අහසින් පහළ වනදැයද, ඒ දෙසට නැගෙන දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු ඉතාමත්කරුණාවන්තයෙකු හා ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්සිටින්නේය.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ
එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් “විනිශ්චය දිනය අපට (කිසිදාක) පැමිණෙන්නේ නැත” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ මෙසේපවසනු: “එසේ නොව. මගේ දෙවියන් මත සත්තකින්ම! නියතවශයෙන්ම (එය) ඔබ වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහුගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස්හි හෝ භූමියෙහිහෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයක් හෝ බේරී යන්නේ නැත. ඊටත්වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දැයක්ම ලව්හුල් මව්ෆූල් නමැති)පැහැදිලි (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත”.
لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۚ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ
“විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නන්ට ඵලවිපාක දෙනුපිණිස, (එසේ එහි සටහන් කරනු ලැබ ඇත්තේය). මෙවැන්නන්ටමසමාවද ඇත. ගෞරවණීය ආහාරද, (ජීවිතයද) ඇත”.
وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌۭ
කවුරුන් අපගේආයාවන් පරාජය කරන්නට (අපට විරුද්ධව) උත්සාහ කරන්නෝද,එවැන්නන්ට වේදනා ගෙන දෙන දරුණු දඬුවම් ඇත.
وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
(නබියේ!) කවුරුන් හට (ධර්ම) ඥානය දෙනු ලැබුවේද, ඔවුන්(ඔවුන්ගෙන් වූ සත්‍යවන්තයින්) ඔබට, ඔබගේ දෙවියන් විසින් පහළකරන ලද (මෙම ධර්මය) සත්‍ය (ධර්මය) යයිද, සියල්ලන්ටම ඉමහත් වූඉතාමත් ප්‍රශංසාවට අයත් අයගේ ඍජු මාර්ගය දැනුම් දිය හැකි දැයක්යයිද, දැන ගන්නාහ.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍۢ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍۢ جَدِيدٍ
එහෙත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්(අන් අයට) “ඔබ (මරණයට පත් වී දීරා ගොස් ඉතාමත් කුඩා) අනුබවට වෙන්කරනු ලැබුවායින් පසුද, නියත වශයෙන්ම අපි (නැවතත්උත්පාදනය කරනු ලැබ), අළුත් උත්පාදනයක් බවට පත් වනු ඇතැයිඔබට (බිය ගන්වා) පැවසිය හැකි මිනිසෙකුව අපි ඔබට දැනුම්දෙන්නද?”යි (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ.
أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةٌۢ ۗ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَٰلِ ٱلْبَعِيدِ
තවද (මෙසේ පවසන ඔවුන් අපගේ නබි) “අල්ලාහ් කෙරෙහිබොරුවට මනක්කල්පිත කර ගත්තේද, නැතහොත් ඔහුට පිස්සු හැදීඇත්තේදැ”යි (පවසන්නාහ). එසේ නොව. කවුරුන් පරලොව විශ්වාසනොකළෝද, ඔවුන්ම (ඉමහත්) දඬුවමෙහිද, ඉතාමත් දුරස්තදුර්මාර්ගයෙහිද සිටින්නාහ.
أَفَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ
අහස්හිද, භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද,පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි කැමතිවුවහොත් ඔවුන්ව භූමියෙහි ගිලගෙන සිරකර ගන්නට සලස්වන්නෙමු.නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් මත වීසි කර, (ඔවුන්ව විනාශකර) දමන්නෙමු. නියත වශයෙන්ම (අල්ලාහ් දෙසම) බලා සිටින සෑමවහලෙකුටම මෙහි එක් සාධකයක් ඇත්තේය.
۞ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًۭا ۖ يَٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ
ඇත්තෙන්ම අපි දාවූද්ට අපගේ සන්නිධානයෙන් (ඉමහත් වූ)දයාව පහළ කර, (කඳුවලට කතා කර) “ඕ කඳු! ඔබ ඔහු සමග(එක්කාසු වී මගේ) දික්ර් දෝංකාර දෙනු. ඕ පක්ෂීණී! (ඔබත් දික්ර් කරගායනා කරනු” යයි නියෝග කළෙමු). තවද ඔහුට යකඩ, (ඉටි මෙන්)මෘදු කර දුන්නෙමු.
أَنِ ٱعْمَلْ سَٰبِغَٰتٍۢ وَقَدِّرْ فِى ٱلسَّرْدِ ۖ وَٱعْمَلُوا۟ صَٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ
(තවද “දම්වැල්) පුරුක් (සාදා) පිළිවෙලකටසම්බන්ධ කර යුද ඇඳුම් සාදනු” යයිද (අණ කළ අතර ඔහුටද, ඔහුටලැදි අයටද) “ඔබ දැහැමි ක්‍රියාවන්ම කරමින් සිටිනු. නියත වශයෙන්ම මා ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්සිටින්නෙමි” (යයිද පැවසුවෙමු),
وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌۭ وَرَوَاحُهَا شَهْرٌۭ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ ۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۦ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ
තවද සුලෙයිමාන්ට සුළඟ (වසඟ කර දුන්නෙමු). එහි උදේගමන මාසයක දුරක්ද, එහි සවස් ගමන මාසයක දුරක්ද වශයෙන්තිබුණි. තවද උණු වූ තඹෙහි උල්පතක් (වතුර මෙන්) අපි ඔහුවෙනුවෙන් ගලා බසින්නට සැලැස්සුවෙමු. තම දෙවියන්ගේඅනුමැතියට අනුව ඔහුට වැඩ කර දිය හැකි ජින්වරුන්වද, (අපි ඔහුටවසඟ කර දී, ඔහුට අවනත වී කටයුතු කිරීමෙහි) ඔවුන්ගෙන් කවුරුන්අපගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දළු ලා දැවෙන(නිරා) දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු” (යයි කීවෙමු).
يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٍۢ كَٱلْجَوَابِ وَقُدُورٍۢ رَّاسِيَٰتٍ ۚ ٱعْمَلُوٓا۟ ءَالَ دَاوُۥدَ شُكْرًۭا ۚ وَقَلِيلٌۭ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ
(තවද) ඒවා (ජින් ආදිය) සුලෙයිමාන් කැමති වූ (බයිතුල් මුකද්දස්)නැමදුම්පළවල්ද, පිළිරූද, (අති දැවැන්ත) ජල තටාකයන් වැනි ඉමහත්ජල බේසම්ද, සෙළවීමට නොහැකි විශාල (කෑම පිසින) බඳුන්ද,සාදමින් සිටියේය. (ඔහුගේ පවුලේ උදවියට) “දාවූද්ගේ දරුවනි!(මේවාට ඔබ අපට) කෘතඥ විම පිණිස, (දැහැමි) ක්‍රියාවන් කරමින්සිටිනු. (මන්දයත්) මගේ වහලූන්ගෙන් කෘතඥ වන්නන් (ඉතාමත්)අල්පයකි” (යයි කීවෙමු).
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۥ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُوا۟ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ
(සුලෙයිමාන් වන) ඔහු කෙරෙහි අපි මරණය නියම කළ විට, ඔහු මරණයට පත් වූවේය යන්න ඔහු හාන්සි වී සිටි සැරයටිය විනාශ කරදැමූ වේයන් මිස, (වෙන කිසිවෙකුත්) එම ජින්වරුන්ට දැනුම් දුන්නේනැත. (ඔහු හාන්සි වී සිටි සැරයටිය වේයන් කා දැමූහ. එබැවින් ඒ මතහාන්සි වී සිටි සුලෙයිමාන් බිමට ඇද වැටුනේය). ඔහු බිම ඇද වැටුනුවහාම (වැඩ කරමින් සිටි) ඔවුන් ගුප්ත කාරණාවන් දැන ගත හැකි අයවශයෙන් සිටියේ නම්, (රෑ දවල් තිස්සේ වැඩ කර) අවමන් ගෙන දෙනමෙම දඬුවමෙහි ස්ථීරව සිටිය යුතු නැතැයි ජින්වරුන් ඉතාමත්පැහැදිලිව දැන ගත්හ.
لَقَدْ كَانَ لِسَبَإٍۢ فِى مَسْكَنِهِمْ ءَايَةٌۭ ۖ جَنَّتَانِ عَن يَمِينٍۢ وَشِمَالٍۢ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌۭ طَيِّبَةٌۭ وَرَبٌّ غَفُورٌۭ
ඇත්තෙන්ම සබා (නමැති නගර)වාසීන් වාසය කළ ස්ථානයෙහිඔවුන්ට එක් (හොඳ) සාධකයක් තිබුණි. (එම මාර්ගය ඔස්සේ ගමන්කරන්නන්ට) දකුණු පැත්තෙන්ද, වම් පැත්තෙන්ද, උයන් වතු දෙකක්තිබුණි. (මේවා මගින්) ඔබගේ දෙවියන් (ඔබට) පහළ කරන ලදවරප්රසාදයන්ගෙන් අනුභව කරමින්, ඔහුට කෘතඥද වෙමින් සිටිනු.(මෙලොවදී) සෞභාග්‍යමත් නගරද, (පරලොවදී) ඉතාමත් ක්ෂමාවෙන්පිරි දෙවියන්ද, (ඔබට) ඇත” (යයිද කියන ලදී).
فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍۢ وَأَثْلٍۢ وَشَىْءٍۢ مِّن سِدْرٍۢ قَلِيلٍۢ
එහෙත් ඔවුන් (අපගේ නියෝගයන්) ප්‍රතික්ෂේප කර, (පාපයන්හිගැලී) සිටියහ. (එබැවින් ඔවුන් මආරිෆ්හි ඉදි කරන ලද ඉමහත් වූ)අරිම් (නමැති බැම්ම බිඳිය හැකි විශාල) ජල ගැල්ම ඔවුන් කෙරෙහියැව්වෙමු. ඔවුන්ගේ (උසස් වූ පලතුරු වලින් පිරි) උයන් වතු දෙකතිත්ත හා ඇඹුල් සහිත පලතුරුවලින් පිරි ගස්ද, මසන් ගස්ස්වල්පයක්ද ඇති වතු බවට වෙනස් කර දැමුවෙමු.
ذَٰلِكَ جَزَيْنَٰهُم بِمَا كَفَرُوا۟ ۖ وَهَلْ نُجَٰزِىٓ إِلَّا ٱلْكَفُورَ
(අපගේ කළගුණඅමතක කළ) ප්‍රතික්ෂේපයට මෙය අපි ඔවුන්ට ඵලවිපාක වශයෙන්දුන්නෙමු. ප්‍රතික්ෂේප කරන්නන්ට මිස, (වෙන කිසිවෙකුටත් මෙවැනි)ඵලවිපාක අපි දෙන්නෙමුද?
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَٰرَكْنَا فِيهَا قُرًۭى ظَٰهِرَةًۭ وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ
ඔවුන්ටද (ඔවුන්ගේ රටටද) අපි දයාව පහළ කළ (සිරියාවෙහි ඇති සශ්‍රීක) නගරයන්ටද, ඒ අතර පහසුවෙන් දැක ගත හැකි බොහොමයක් නගරයන්ද ඇති කර, ඒවායෙහි මාර්ගයන්ද නිර්මාණයකර “රෑ දවාලේ ඕනෑම වේලාවක බිය නොමැත්තන් වශයෙන් එහි ගමන් කරනු” (යයි පවසා ඇත්තෙමු).
فَقَالُوا۟ رَبَّنَا بَٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَٰهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ
නමුත් ඔවුන් (මෙම කළගුණ ප්‍රතික්ෂේප කර දමා “දිගටම ගමේ සිටීම අපගේ සංචාරයන්ට සතුටක්ගෙන දුන්නේ නැත). අපගේ දෙවියනේ! අපගේ සංචාරයන් ඉතාමත්දීර්ඝ ඒවා වන සේ පත් කර ගැනීම (සඳහා අතර මගදී පිළිවෙලින්ඇති මෙම නගරයන් විනාශ කර දමනු) මැනව!” යයි ප්‍රාර්ථනා කර,ඔවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ. එබැවින් (ඔවුන්වද,ඔවුන්ගේ නගරයන්ද විනාශ කර), ඔවුන්වද විවිධ ස්ථානයන්ට සීසීකඩ කර දමා (බොහොමයක් දෙනා අවමානයෙන් යුතුව කතාකරන) කතාවක් බවට පත් කළෙමු. ඉවසිලිවන්තයින්, කෘතඥ වන්නන්යන සෑම කෙනෙකුටම නියත වශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය.
وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ
නියත වශයෙන්ම (ඔවුන් තමන්ව අනුගමනය කරනු ඇතැයි) ඔවුන් ගැන ඉබ්ලීස් අදහස් කළ සිතුවිල්ල සත්‍යය යයි ඔහු දැකගත්තේය. එබැවින් විශ්වාසය තැබූ සමහරෙකු හැර, (අනිත්) ඔවුන් සියල්ල ඔහුවම අනුගමනය කළහ.
Page 1 of 3 (54 ayahs)