Loading surah...
Back to Sinhala Quran
45 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍۢ مَّثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
අහස්ද, භූමියද, උත්පාදනය කර දෙකක්, තුනක්, හතරක් අත් තටු වලින් යුත් මලායිකාවරුන්ව (තමන්ගේ) දූත මෙහෙවර ගෙන යන්නන් වශයෙන්ද, පත් කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා. ඔහු කැමති දැය (තම) නිර්මාණයෙන් (පසුද) වැඩි කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.
مَّا يَفْتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍۢ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُۥ مِنۢ بَعْدِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
අල්ලාහ් (තම) දයාව මිනිසුන්ට විවෘත කර හැරියහොත් එය වළක්වා දැමිය හැකි අය කිසිවෙකුත් නැත. ඔහු (තම දයාව) වළක්වා ගතහොත් ඉන් පසුව එය යැවිය හැකි අයද කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَٰلِقٍ غَيْرُ ٱللَّهِ يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
මිනිසුනේ! ඔබ කෙරෙහි ඇති අල්ලාහ්ගේ වරප්රසාදයන් සිතා බලනු. අහසින්ද, භූමියෙන්ද, ඔබට ආහාර ලබා දෙන්නා අල්ලාහ් හැර වෙනත් උත්පාදකයෙකු සිටින්නේද? ඔහු හැර වෙනත් හිමියෙකු (ඇත්තේම) නැත. එබැවින් (ඔහුව හැර දමා) ඔබ කොහේ නම් දුවන්නෙහුද?
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ
(නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔබට පෙර පැමිණි දූතයින්වද, බොරුකාරයින් බවට පත් කරනු ලැබූහ. අල්ලාහ් වෙතම සියලූ කාරණාවන්ම ගෙන එනු ලැබේ.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ
මිනිසුනේ! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය වන්නේය. එබැවින් මෙලොව ජීවිතය (කිසි විටෙකත්) ඔබව රවටා නොදැමිය යුතුය. (ෂෙයිතාන් වන) මායාකාරයාද, අල්ලාහ් ගැන ඔබව රවටා නොදැමිය යුතුය.
إِنَّ ٱلشَّيْطَٰنَ لَكُمْ عَدُوٌّۭ فَٱتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُوا۟ حِزْبَهُۥ لِيَكُونُوا۟ مِنْ أَصْحَٰبِ ٱلسَّعِيرِ
නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට සතුරෙකු වශයෙන් සිටින්නේය. එබැවින් ඔහුව ඔබත් සතුරෙකු බවටම ඇර ගනු. ඔහු (තමන්ට අවනත වූ) තම සමූහය ආරාධනා කරන්නේ ඔවුන් නිරාවාසීන් බවට පත් කිරීමටය.
ٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌ
(ෂෙයිතාන්ව අනුගමනය කර) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට සමාවද ඇත. ඉමහත් වූ ඵලවිපාකද ඇත.
أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنًۭا ۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَٰتٍ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَصْنَعُونَ
කවුරුන් හට ඔහුගේ නපුරු කාරණාවන් අලංකාරවත් කර පෙන්වනු ලැබ, ඔහුද ඒවා අලංකාරවත් ලෙස දකින්නේද ඔහුද, (කවුරුන් නපුරු ක්‍රියාවන් නපුරු දැය වශයෙන්ම දැක, ඒවායෙන් ඈත් වන්නේද ඔහුද, සම වන්නෙහුද? කිසි විටෙකත් එසේ වන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් කැමැත්තන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. එබැවින් (නබියේ!) ඔවුන් වෙනුවෙන් ඔබ කණගාටු වී ඔබගේ පණ නසා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَٱللَّهُ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًۭا فَسُقْنَٰهُ إِلَىٰ بَلَدٍۢ مَّيِّتٍۢ فَأَحْيَيْنَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ ٱلنُّشُورُ
අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකූළු (ඒ මේ අත) පදවන්නේය. පසුව අපි ඒවා මැරී (වියළී) ගිය පොළොව මතට ඇතුළු කර, (වැස්ස වැසීමට සලස්වා) එමගින් මැරී ගිය භූමියට පණ දෙන්නෙමු. (මරණයට පත් වූවන් විනිශ්චය දිනදී) පණ ලැබී නැගිටින්නේද මේ ආකාරයටය.
مَن كَانَ يُرِيدُ ٱلْعِزَّةَ فَلِلَّهِ ٱلْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ ٱلْكَلِمُ ٱلطَّيِّبُ وَٱلْعَمَلُ ٱلصَّٰلِحُ يَرْفَعُهُۥ ۚ وَٱلَّذِينَ يَمْكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَمَكْرُ أُو۟لَٰٓئِكَ هُوَ يَبُورُ
කවුරුන් (ශ්‍රේෂ්ඨ වූ) ගෞරවය කැමති වන්නේද, (ඔහු අල්ලාහ්ට අවනත වී කටයුතු කළ යුතුය. මන්දයත්) ගෞරවයන් සියල්ලම අල්ලාහ්ටම අයත් දැයයි. (කලිමා තයියිබ්, සලවාත් වැනි) ශුද්ධ වූ වදන් ඔහුගේ සන්නිධානය වෙත නැගෙන්නේය. දැහැමි ක්‍රියාවන් ඔහුම උඩට ඔසවන්නේය. (නබියේ!) කවුරුන් (ඔබට) විපතක් කිරීමට කුමන්ත්‍රණ කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. මොවුන්ගේ කුමන්ත්‍රණ (කිසිම දැයක් ඉතිරි නොවී) විනාශ වී යනු ඇත.
وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ جَعَلَكُمْ أَزْوَٰجًۭا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍۢ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِۦٓ إِلَّا فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ
අල්ලාහ් ඔබව (ආරම්භයේදී) පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්රිය බිඳකින්ද, පසුව (පිරිමි ගැහැණු ජෝඩු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව යම්කිසි කාන්තාවක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (ඔහුගේ සටහන්) පුස්තකයේ නොමැතිව, වැඩි කරනු ලබන කිසිවෙකුගේ වයසද වැඩි කරනු ලබන්නේද නැත. ඔහුගේ වයසින් අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මෙය (මේවා සියල්ල දැනගෙන සිටීම) අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි!
وَمَا يَسْتَوِى ٱلْبَحْرَانِ هَٰذَا عَذْبٌۭ فُرَاتٌۭ سَآئِغٌۭ شَرَابُهُۥ وَهَٰذَا مِلْحٌ أُجَاجٌۭ ۖ وَمِن كُلٍّۢ تَأْكُلُونَ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُونَ حِلْيَةًۭ تَلْبَسُونَهَا ۖ وَتَرَى ٱلْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
(ගංඟා හා මුහුද ආදී) ජලාශයන් දෙකම එක සමාන වන්නේ නැත. එකක් බීමට මිහිරි හා රසවත් ජලයයි. අනික ලූණු හා තිත්ත (රසයෙන් පිරි ජලයයි. මෙසේ මේ දෙකේ ඇති වෙනසක් තිබුණද) මේ දෙකෙන්ම රසවත් මාළු අනුභව කරන්නෙහුය. ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි (මුතු පබළු ආදී) දැයද (ඒවායෙන්) ගන්නෙහුය. (බොහොමයක් රටවල් වල ඇති) දෙවියන්ගේ වරප්රසාදයන් ඔබ සොයා ගැනීම සඳහා (යාත්‍රා කරන විට, ඔබගේ) නැව ජලය දෙබෑ කරගෙන යනු ඔබ දකින්නෙහුය. (මෙයට) ඔබ කෘතඥ වනු මැනව!
يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۚ وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ
ඔහුම රාත්‍රිය දහවලෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. චන්ද්‍රයාද, සූර්යයාද, (තමන් යටතේ) යටහත් කර තබා ඇත්තේය. (මේවා) සෑම එකක්ම (එය, එයට) නියමිත කාල අවකාශයට අනුව ගමන් කරන්නාහ. මොහුම ඔබගේ දෙවියන් වන අල්ලාහ්ය. සියලූ රාජ්‍යයන් ඔහුට අයත්ය! ඔහු හැර කුමක් ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට එක් අනු ප්‍රමාණයකින් හෝ බලයක් නැත.
إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا۟ دُعَآءَكُمْ وَلَوْ سَمِعُوا۟ مَا ٱسْتَجَابُوا۟ لَكُمْ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍۢ
ඒවාට ඔබ ආරාධනා කළා වුවද, ඔබගේ ආරාධනාව ඒවායේ සවනට වැටෙන්නේ නැත. ඒවා සවන් දුන්නා වුවද, ඔබට පිළිතුරු දෙන්නේ නැත. විනිශ්චය දිනදී නම්, (ඒවා) ඔබ සමානයන් වශයෙන් තැබීමද, ඒවා ප්‍රතික්ෂේප කර දමනු ඇත. සියල්ල දන්නා (දෙවියන්) මෙන් (එම දෙවිවරුන්) කිසිවක් ඔබට දැනුම් දෙන්නේ නැත.
۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلْفُقَرَآءُ إِلَى ٱللَّهِ ۖ وَٱللَّهُ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ
මිනිසුනේ! (සෑම අවස්ථාවකදීම) අල්ලාහ්ගේ උදව් උපකාරය අවශ්‍ය වූවන් ඔබයි! අල්ලාහ් නම්, (කිසි කලකදී ඔබගේ) අවශ්‍යතාවයක් නොමැත්තකු හා ප්‍රශංසාවට හිමි අයෙකු වශයෙන්ම සිටින්නේය.
إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ
ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (වෙනත්) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත.
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ
මෙය අල්ලාහ්ට එතරම් කාර්යයක් නොව.
وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَىْءٌۭ وَلَوْ كَانَ ذَا قُرْبَىٰٓ ۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِۦ ۚ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ
(පරලොවදී) කෙනෙකුගේ (පාපයන්ගේ) බර, වෙනත් කෙනෙකු උසුලන්නේම නැත. විශාල බරක් උසුලන්නා එයින් එක් කොටසක් හෝ උසුලන මෙන් (වෙනත් කෙනෙකුට) ආරාධනා කළා වුවද, ඔහු (මොහුගේ) ඥාතියෙක් වූවා වුවද, එයින් සුළු දැයක් හෝ ඔහු උසුලන්නේ නැත. (නබියේ!) ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ කවුරුන් (තමන්ගේ දෑසින්) නොදැක තිබියදී තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කර, සලාතයද නොකඩවා සලාත් කරන්නෝද ඔවුන්ටය. කවුරුන් පරිශුද්ධව සිටින්නේද, ඔහු තමන්ගේ හොඳටම පරිශුද්ධව සිටින්නේය. අල්ලාහ් වෙතම (සියල්ල) යා යුතුව ඇත්තේය.
وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ
අන්ධයාද ඇස් පෙණෙන්නාද සමාන වන්නේ නැත.
وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ
(එසේම) අන්ධකාරයද ආලෝකයද (සම වන්නේ නැත).
Page 1 of 3 (45 ayahs)