Loading surah...
Back to Sinhala Quran
83 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يسٓ
යා. සීන්.
وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ
සම්පුර්ණයෙන්ම ඥානයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම!
إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ
(නබියේ!) නියත වශයෙන්ම ඔබ අපගේ දූතයින්ගෙන් කෙනෙකි.
عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
(ඔබ) ඍජු මාර්ගයෙහි සිටින්නෙහිය.
تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ
(මෙය සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු විසින් පහළ කර ඇත්තේය.
لِتُنذِرَ قَوْمًۭا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ
(යම්කිසි දූතයෙකු විසින්) තමන්ගේ මුතුන් මිත්තන්ට අනතුරු ඇඟවීම නොකරන ලද බැවින් (පරලොව ගැන) සම්පුර්ණයෙන්ම දුකක් නැතිව සිටින (අරාබිවරුන් වන මෙම) ජනතාවට බිය ගන්වා අනතුරු අඟවනු මැනව!
لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ
නියත වශයෙන්ම මොවුන්ගෙන් වැඩි දෙනෙකු කෙරෙහි (ඔවුන් නිරාවාසීන්ය යයි දෙවියන්ගේ) පොරොන්දුව සත්‍යය වී ගියේය. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත.
إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَٰقِهِمْ أَغْلَٰلًۭا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ඛෙල්ලෙහි නිකට දක්වා දම්වැල් විළංගු දැම්මෙමු. එබැවින් ඔවුන්ගේ හිස් (නැවීමට නොහැකි වන සේ) කෙළින් වී ගියේය.
وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّۭا وَمِنْ خَلْفِهِمْ سَدًّۭا فَأَغْشَيْنَٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
ඔවුන් ඉදිරියෙන් බාධකයක්ද, පසුපසින් බාධකයක්ද වශයෙන් ඇති කර අපි ඔවුන්ව වසා දැමුවෙමු. එබැවින් ඔවුන්ට (කිසිවක්) බැලීමට නොහැකිය.
وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
ඔවුන්ට ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීමද, අනතුරු නොඅඟවා සිටීමද, එක සමානය! ඔවුන් විශ්වාස කරන්නේම නැත.
إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكْرَ وَخَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍۢ وَأَجْرٍۢ كَرِيمٍ
ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ, කවුරුන් හොඳ ඔවදන් අනුගමනය කර, රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ටය. එබැවින් මෙවැන්නන්ට සමාව මගින්ද, ගෞරවණීය ඵලවිපාක මගින්ද, ඔබ ශුභාරංචි දෙනු මැනව!
إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ فِىٓ إِمَامٍۢ مُّبِينٍۢ
නියත වශයෙන්ම අපිම මරණයට පත් වූවන්ව (පරලොවදී) පණ දී නැගිට්ටවන්නෙමු. ඔවුන් කරමින් යැවූ දැයද, ඔවුන් අත්හැර දමා ගිය දැයද, අපි ලියන්නෙමු. මේවා සෑම දැයක්ම (ලව්හුල් මව්ෆූල් නමැති) පැහැදිලි පිටුවෙහි සටහන් කර තබා ඇත්තෙමු.
وَٱضْرِبْ لَهُم مَّثَلًا أَصْحَٰبَ ٱلْقَرْيَةِ إِذْ جَآءَهَا ٱلْمُرْسَلُونَ
(නබියේ!) අපගේ දූතයින් පැමිණි එක් රටවැසියන්ව ඔවුන්ට උදාහරණයක් වශයෙන් පවසනු. අපි ඔවුන් වෙත (යහ්යා, ඊසා, ආදී) දූතයින් දෙදෙනෙකු යැවූ අවස්ථාවේදී ඒ දෙදෙනාවම ඔවුන් බොරුකාරයින් කළහ. එබැවින් (ෂමඌන් නමැති) තුන්වැනි දූතයා මගින් (ඒ දෙදෙනාටම) උදව් කළෙමු.
إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍۢ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ
එබැවින් මොවුන් (තිදෙනාම ඔවුන්ට) “ඇත්තෙන්ම අපි ඔබ වෙත යවන ලද (දෙවියන්ගේ) දූතයින් වන්නෙමු” යයි පැවසූහ.
قَالُوا۟ مَآ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحْمَٰنُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ
එයට ඔවුන් “ඔබ අප වැනි මිනිසුන්ම (මිස, දෙවියන්ගේ දූතයින් නොව). රහ්මාන් (ඔබ කෙරෙහි) යම්කිසිවක් පහළ කළේ නැත. ඔබ බොරු කියන්නන්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි පැවසූහ.
قَالُوا۟ رَبُّنَا يَعْلَمُ إِنَّآ إِلَيْكُمْ لَمُرْسَلُونَ
එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබ වෙත යවන ලද දූතයින්ම යන්න අපගේ දෙවියන්ම හොඳින් දන්නේය” යයි පැවසූ අතර;
وَمَا عَلَيْنَآ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ
“අපගේ දූත මෙහෙවර ප්‍රසිද්ධියේම ගෙනහැර දැක්වීම මිස, (ඔබට බල කිරීම) අප කෙරෙහි යුතුකමක් නොව” යයිද පැවසූහ.
قَالُوٓا۟ إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا۟ لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ
එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබලාගේ පැමිණීම දුර්නිමිත්තක් වශයෙන්ම ගණන් ගන්නෙමු. ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමන්නෙමු. තවද අපගේ වේදනා ගෙන දෙන දඬුවමද ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසූහ.
قَالُوا۟ طَٰٓئِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ
එයට (අපගේ දුතයින්) “ඔබගේ දුර්නිමිති ඔබ වෙතම ඇත්තේය. ඔබට හොඳ බුද්ධිය ලබා දීම නිසාද (අපව දුර්නිමිති යයි පවසන්නේ?) ඔබම සීමාව ඉක්මවා ගිය ජනයා” යයි පැවසූහ.
وَجَآءَ مِنْ أَقْصَا ٱلْمَدِينَةِ رَجُلٌۭ يَسْعَىٰ قَالَ يَٰقَوْمِ ٱتَّبِعُوا۟ ٱلْمُرْسَلِينَ
(මේ අතර) එම නගරයේ කඩමණ්ඩියේ සිටි (හබීබුන් නජ්ජාර් නමැති) මිනිසෙකු දිවැවිත් (එම නගරවාසීන්ට) මෙසේ පැවසීය: “මගේ ජනතාවෙනි! ඔබ මෙම දූතයින්ව (අනිවාර්යයෙන්ම) අනුගමනය කරනු
Page 1 of 5 (83 ayahs)