Loading surah...
Back to Sinhala Quran
182 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلصَّٰٓفَّٰتِ صَفًّۭا
පෙළ ගැසී සිටින්නන් මත සත්තකින්ම!
فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا
(නපුර) ඉතා දැඩි ලෙස එළවාගෙන යන්නන් මත සත්තකින්ම!
فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا
(දෙවියන්ගේ) ධර්මය සමුදීරණය කරන්නන් මත සත්තකින්ම!
إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌۭ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි.
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ
අහස්ද, භූමියද, ඒවා මධ්‍යයෙහි ඇති දැයද උත්පාදනය කර, පෝෂණය කරන්නා, පහත දිසා (වන් හා ඉහළ දිසා) වන්හි දෙවියන්ය.
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ
නියත වශයෙන්ම ඔබගේ (දෙවියන් වන) අපි (මෙම භූමියට ඉතාමත් ළඟින්) පහතින් ඇති අහසෙහි බැබළෙන තාරකාවන් මගින් අලංකාරවත් කර තබා ඇත්තෙමු.
وَحِفْظًۭا مِّن كُلِّ شَيْطَٰنٍۢ مَّارِدٍۢ
(එය අලංකාරවත් ලෙස තිඛෙණ අතර) නපුරන් වන සියලූම ෂෙයිතාන්වරුන්ටද බාධකයක් වශයෙන්ද (ඇත්තේය).
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍۢ
ශ්‍රේෂ්ඨ (උත්තරීතර ඉහළ සභාවේ) වදන් (ෂෙයිතාන්වරුන්ට) සවන් දීමට නොහැක.
دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ
(මන්දයත් එයට ළඟා වන සෑම කෙනෙකුටම) විවිධ දිශාවන්ගෙන් (ගින්නෙන්) පහර දෙනු ලැබ, එළවා දමනු ලබන්නාහ. ඔවුන්ට ස්ථීර වූ දඬුවම් ඇත.
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ ثَاقِبٌۭ
(යම්කිසි විදිහකින් වැරදීමකින් හෝ යම් වදනක්) හොරෙන් ඇසීමට ළං වුවහොත් එවෙලේම ඔහුව ගිණි පුපුරු වීසි වන ගින්න මගින් එළවනු ලැබේ.
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍۢ لَّازِبٍۭ
(නබියේ!) උත්පාදනයන්ගෙන් ඉතාමත් ශක්තිවන්තයින් ඔවුන්ද? නැතහොත් අපි උත්පාදනය කර ඇති දැය (වන අහස්, භූමිය, තාරකාවන් ආදී) දැයද? (යයි ප්‍රතික්ෂේප කරන්නන් වන) මොවුන්ගෙන් විමසනු. නියත වශයෙන්ම අපි ඔවුන්ව (ලැජ්ජයි) ඇලෙන සුළු කිරිමැටියෙන්ම උත්පාදනය කර ඇත්තෙමු.
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ
(නබියේ!) ඔබ (අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් දැක) විමතියට පත් වන්නෙහිය. ඔවුන් නම්, (එය) සමච්චල් කරන්නෙහුය!
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ
තවද ඔවුන්ට හොඳ ඔවදන් පවසනු ලැබූවා වුවද, එය ඔවුන් අවධානය කරන්නේ නැත.
وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ
කුමන සාධකයක් දුටුවා වුවද, ඔවුන් සමච්චල් කරන්නාහ.
وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌ
තවද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිද පවසන්නාහ.
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
“අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇට බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිටිටවනු ලබන්නෙමුද?” (යයිද)
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
“(එසේම) අපගේ මුතුන් මිත්තන්ද නැගිටවනු ලබන්නෙහුද?” යයිද- (සමච්චලයෙන් පවසන්නාහ).
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ
එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තය. (නැගිටවනු ලබන්නෙහුය). ඒ අතර ඔබ දීනවූ අය බවටද සිටින්නෙහුය”
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ فَإِذَا هُمْ يَنظُرُونَ
එකම එක තිගැස්සෙන සුළු ශබ්දයක් පමණක්ම (ඇති වනු ඇත). එවෙලේම ඔවුන් (නැගිට අන්ද මන්ද වී) ඇහැරෙන්නාහ.
وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ ٱلدِّينِ
“අපි ඇසුවෙමු! මෙය ඵලවිපාක දෙන දවස වූවා නොවෙද!” යයිද ඔවුන් පවසනු ඇත.
Page 1 of 10 (182 ayahs)