Loading surah...
Back to Sinhala Quran
88 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ صٓ ۚ وَٱلْقُرْءَانِ ذِى ٱلذِّكْرِ
සාද්. (හොඳ ඔවදනින් හා) මතක් කිරීම් වලින් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම! (මෙය අප විසින් පහළ කරන ලදී).
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى عِزَّةٍۢ وَشِقَاقٍۢ
නමුත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉමහත් වූ ක්රෝධයෙහිද, වෛරයෙහිද, (ගැලී) සිටින්නාහ.
كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ فَنَادَوا۟ وَّلَاتَ حِينَ مَنَاصٍۢ
මොවුන්ට පෙර (මේ අන්දමට සිටි) බොහොමයක් සමුහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. (දඬුවම පැමිණි අවස්ථාවේදී) ඔවුන් (සියල්ලන්ම උදව් උපකාර පතා) කෑ ගැසූහ. (එය දඬුවමෙන්) බේරෙන්නට හැකි කාලයක් වශයෙන් තිබුනේ නැත.
وَعَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ ۖ وَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا سَٰحِرٌۭ كَذَّابٌ
(ඔවුන්ට) බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි දූතයෙකු (වන ඔබ) ඔවුන්ගේ (වාර්ගියන්)ගෙන්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් පුදුමයට පත් වී “මොහු බොරු කියන සූනියම්කාරයෙකි” යයි (ඔබ ගැන) මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.
أَجَعَلَ ٱلْءَالِهَةَ إِلَٰهًۭا وَٰحِدًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عُجَابٌۭ
“කිමෙක්ද! මොහු (අපගේ) දෙවිවරුන් සියල්ල (ප්‍රතික්ෂේප කර දමා, නැමදුමට යුත්තා) එකම එක දෙවියෙකු බවට පත් කළෙහිද? ඇත්තෙන්ම මෙය එක් පුදුමාකාර කාරණාවකි” (යයි කියා)
وَٱنطَلَقَ ٱلْمَلَأُ مِنْهُمْ أَنِ ٱمْشُوا۟ وَٱصْبِرُوا۟ عَلَىٰٓ ءَالِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَىْءٌۭ يُرَادُ
ඔවුන්ගෙන් වූ ප්‍රධානීන් (අනිත් අයට “මොහුගෙන්) ඔබ ඈත් වී යනු. ඔබගේ දෙවිවරුන්ගෙන් ඔබ ස්ථීරව සිටිනු. (ඔබගේ දෙවිවරුන්ව අත්හැර දමන මෙන් පවසන) මෙම කාරණාව නියත වශයෙන්ම (ඔබට එරෙහිව වූ) අදහසක් වන්නේය” යයි (පවසමින්ම) ගියහ.
مَا سَمِعْنَا بِهَٰذَا فِى ٱلْمِلَّةِ ٱلْءَاخِرَةِ إِنْ هَٰذَآ إِلَّا ٱخْتِلَٰقٌ
“පෙර විසූ සමූහයන්ගෙන්ද, මෙය අපට ආරංචි වී නැත. මෙය (මොහුගේ) නිර්මාණයක්ම මිස, වෙන කිසිවක් නොව”.
أَءُنزِلَ عَلَيْهِ ٱلذِّكْرُ مِنۢ بَيْنِنَا ۚ بَلْ هُمْ فِى شَكٍّۢ مِّن ذِكْرِى ۖ بَل لَّمَّا يَذُوقُوا۟ عَذَابِ
“අපගෙන් මොහුගේ නාමයෙන් (පමණක්)ද (ධර්ම) ඔවදන් පහළ කරනු ලැබුවේ?” යයිද (පැවසූහ). එසේ නොව. ඇත්තෙන්ම මොවුන් මගේ (ධර්මයෙහි) මතක් කිරීම ගැනම ඉමහත් වූ සැකයෙහි සිටින්නාහ. එසේය! මේ දක්වා ඔවුන් (මගේ) දඬුවම විඳ බැලූවේම නැත.
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَحْمَةِ رَبِّكَ ٱلْعَزِيزِ ٱلْوَهَّابِ
(ධර්මෝපදේශයන් තමන් වෙත පහළ කළ යුතුය යයි මොවුන් පැවසීමට, සියල්ලන්ට) වඩා ඉමහත් වූ විශාල දානපතියා වන ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් පිරි නිධන් ඔවුන් වෙතම ඇත්තේද?
أَمْ لَهُم مُّلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا۟ فِى ٱلْأَسْبَٰبِ
නැතහොත් අහස්හිද, භූමියෙහිද, මේවායේ මධ්‍යයෙහි ඇති දැයෙහිද රාජ්‍යය ඔවුන්ගේද? එසේ නම්, (දෙවියන් සමග යුද්ධ කිරීම සඳහා) ඔවුන් ඉනිමං තබා ඉහළට නැගිය යුතුය.
جُندٌۭ مَّا هُنَالِكَ مَهْزُومٌۭ مِّنَ ٱلْأَحْزَابِ
මෙහි ඇති (මොවුන්ගේ) මිතුරු හමුදාවන් (විශාල සංඛ්‍යාවකින් වුවද, අන් අය මෙන්) පරාජය කරනු ලැබූ සමුහයක් බවටම පත් වන්නාහ.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَفِرْعَوْنُ ذُو ٱلْأَوْتَادِ
(මේ අන්දමටම) මොවුන්ට පෙර විසූ නූහුගේ ජනතාවද, ආද්ගේ ජනතාවද, (ආඩම්බරකාර) සේනාධිපති ෆිර්අව්න් ද, (අපගේ දූතයින්ව) බොරුකාරයින් කළහ.
وَثَمُودُ وَقَوْمُ لُوطٍۢ وَأَصْحَٰبُ لْـَٔيْكَةِ ۚ أُو۟لَٰٓئِكَ ٱلْأَحْزَابُ
(ඒ අන්දමටම) සමූද් ද, ලුත්ගේ ජනතාවද, (මදියාන්)වාසීන්ද, (බොරුකාරයින් කළහ). මොවුන්ම (පරාජය කරනු ලැබූ) එම සමූහයන්ය.
إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ
මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයින් නොකර සිටියේ නැත. (එබැවින් ඔවුන්ට මගේ) දඬුවම නියම වී ගියේය.
وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ مَّا لَهَا مِن فَوَاقٍۢ
එබැවින් (අරාබිවරුන් වන) මොවුන්ද (තමන්ව විනාශ කර දැමිය හැකි) එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වූයේ නැත. එය පැමිණීමෙහි පමාවක්ද නොවනු ඇත.
وَقَالُوا۟ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ ٱلْحِسَابِ
“(ප්‍රශ්න) ගණනය කරන දින පැමිණීමට පෙරම, අපගේ දෙවියනේ! අපගේ (දඬුවමේ) කොටස අපට ලබා දී නිරාකරණය කර හරිනු!” යයි මොවුන් (සමච්චලයෙන්) විමසන්නාහ.
ٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱذْكُرْ عَبْدَنَا دَاوُۥدَ ذَا ٱلْأَيْدِ ۖ إِنَّهُۥٓ أَوَّابٌ
(නබියේ!) මොවුන් පවසන දැය ගැන ඉවසිල්ලෙන් යුතුව විඳ දරාගෙන සිටිනු. තවද ඉතාමත් ශක්තිවන්තයෙකු වන අපගේ වහලා දාවූද්ව සිතා බලනු. නියත වශයෙන්ම ඔහු (කුමන අමාරුකමකදී වුවද, අප) දෙසටම හැරී සිටියේය.
إِنَّا سَخَّرْنَا ٱلْجِبَالَ مَعَهُۥ يُسَبِّحْنَ بِٱلْعَشِىِّ وَٱلْإِشْرَاقِ
නියත වශයෙන්ම අපි ඔහුට කඳු වසඟ කර දී තිබුනෙමු. උදේ සවස ඒවා ඔහු සමග එක්කාසු වී දික්ර් කිරීම (දෝංකාර) කරමින් සිටියහ.
وَٱلطَّيْرَ مَحْشُورَةًۭ ۖ كُلٌّۭ لَّهُۥٓ أَوَّابٌۭ
තවද (දෙවියන්ව සුවිශුද්ධ කරමින් ගායනා කිරීමෙහි) ඔහුව වටකර ගත් පක්ෂීන්වද, (ඔහුට වසඟ කර දුන්නෙමු).
وَشَدَدْنَا مُلْكَهُۥ وَءَاتَيْنَٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ
ඒවා සියල්ල (ඔහු සමග දෙවියන්ව සුවි ශුද්ධ කරමින් ගායනා කිරීමට) ඔහු දෙසම බැලූවේය. ඔහුගේ රාජ්‍ය පාලනය අපි ශක්තිමත් කර, ඔහුට ඥානයද, ආරවුල් විසඳීමේ ශක්තියද ලබා දුන්නෙමු.
Page 1 of 5 (88 ayahs)