Loading surah...
Back to Sinhala Quran
75 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
අල්ලාහ් විසින්ම මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය. (ඔහු සියල්ලන්ට) බලසම්පන්නයෙකු හා (සියල්ල දන්නා) ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ
(නබියේ!) නියත වශයෙන්ම සම්පූර්ණයෙන් සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් ඔබ සම්පුර්ණයෙන් පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ්ව නමදිමින් සිටිනු. නැමදුම් පිළිවෙත් ඔහුටම අයත්ය.
أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَٰذِبٌۭ كَفَّارٌۭ
පරිශුද්ධ වූ නැමදුම් පිළිවෙත් අල්ලාහ්ටම අයත්ය යන්න දැන ගනු මැනව! කවුරුන් අල්ලාහ් නොවන දැය (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගන්නෝද, ඔවුන් “එම දෙවිවරුන් අපව අල්ලාහ්ට ඉතාමත් සමීප කර තැබීම සඳහාම මිස, මේවාට අපි නැමදුවේ නැත” (යයි පවසන්නාහ). ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින මෙම කාරණාව ගැන නියත වශයෙන්ම අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත. (සත්‍යය) ප්‍රතික්ෂේප කර, බොරු ගොතා පවසන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًۭا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ
අල්ලාහ් දරුවන් ඇර ගත යුතුය යයි අදහස් කර තිබුණේ නම්, ඔහු උත්පාදනය කළ දැයෙන් ඔහු කැමති (උසස්) දැයම තෝරා ගන්නට තිබුනි. (එහෙත් මෙවැනි කාරණාවන්ගෙන්) ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහුම (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන එකම එක්කෙනෙකු වන අල්ලාහ්ය.
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ
ඔහු අහස්ද, භූමියද, නියමිත කාරණාවන් සමග නිර්මාණය කර ඇත්තේය. (නිකරුණේ නොව). ඔහුම රාත්‍රිය හකුළා දහවල (දිග හරින්නේය). තවද ඔහුම දහවල හකුළා රාත්‍රිය (දිග හරින්නේය). සූර්යයාද, චන්ද්‍රයාද, තමන් තුළ යටත් කර තබා ඇත්තේය. මේවා සෑම දැයක්ම (එය, එයට නියමිත සීමාව තුළ) නියමිත කාලයකට අනුව ගමන් කරන්නේය. (නබියේ! ඔබ) දැන ගනු, ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඉතාමත් ක්ෂමාකරන්නෙකු වශයෙන් සිටින්නේය.
خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَٰمِ ثَمَٰنِيَةَ أَزْوَٰجٍۢ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ خَلْقًۭا مِّنۢ بَعْدِ خَلْقٍۢ فِى ظُلُمَٰتٍۢ ثَلَٰثٍۢ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
ඔහු ඔබව (ආරම්භයේදී) එකම මිනිසෙකුගෙන් නිර්මාණය (කර) තිබුණි. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳව නිර්මාණය කළේය. (ඒ දෙදෙනාගෙන්, ඔබව පිරිමි, ගැහැනු වශයෙන් උත්පාදනය කරන්නේය). තවද (ඔබගේ යහපතටම) සතුන් අට වර්ගයක් ජෝඩු ජෝඩු වශයෙන් පහළ කර ඇත්තේය. ඔබගේ මව්වරුන්ගේ කුසෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. සියලූ රාජ්‍යයන් ඔහුටම අයත් දැයයි. ඔහු හැර, වෙන දෙවියෙකු නැත. එබැවින් (ඔහුව අත්හැර දමා) ඔබ කොහේ නම් (යන්නට) හැරෙන්නෙහුද?
إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
(ඔහුව) ඔබ ප්‍රතික්ෂේප කර දැමුවද, (ඔහුට කිසි පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ අවශ්‍යතාවයක් නොමැත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් තම වහලූන් (තමන්ව) ප්‍රතික්ෂේප කිරීම ඔහු කැමති වන්නේ නැත. ඔබ (ඔහුට) කෘතඥ වන්නෙහු නම්, ඔබ ගැන ඔහු තෘප්තියට පත් වන්නේය. කෙනෙකුගේ (පාපයන්හි) බර වෙනත් කෙනෙකු උසුළන්නට නොහැක. මින් පසු ඔබ යා යුත්තේ ඔබගේ දෙවියන් වෙතය. ඒ අවස්ථාවේදී ඔබ කරමින් සිටි දැය ඔහු ඔබට දැනුම් දෙනු ඇත. හෘදයන්හි ඇති දැයද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය.
۞ وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ضُرٌّۭ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةًۭ مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًۭا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَٰبِ ٱلنَّارِ
මිනිසාට යම්කිසි විපතක් ඇති වන විට, සම්පූර්ණයෙන්ම තම දෙවියන් දෙසම බලා ප්‍රාර්ථනා කරමින්ම සිටින්නේය. නමුත් දෙවියන් තමන්ගේ යම්කිසි වරප්‍රසාදයක් පහළ කරන විට, මීට පෙර ඔහු කුමක් ප්‍රාර්ථනා කරමින් සිටියේද, එය අමතක කර දමා, අල්ලාහ්ට (බොරු දෙවිවරුන්ව) සමානයන් කර, (අන් අයවද) ඔහුගේ මාර්ගයෙන් වැරද යාමට සලස්වන්නේය. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ, (ඔබගේ) ප්රතික්ෂේපයේම ටික කලක් සුවය විඳිනු. (අවසානයේදී) නියත වශයෙන්ම ඔබ නිරාවාසීන්ගෙන්ම සිටින්නෙහුය”.
أَمَّنْ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًۭا وَقَآئِمًۭا يَحْذَرُ ٱلْءَاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ
කවුරුන් පරලොව ගැන බිය වී තම දෙවියන්ගේ දයාව බලාපොරොත්තුවෙන් රාත්‍රී කාලයන්හි සිට ගන්නන් වශයෙන්ද, නළල බිම තබා සුජූද් කරන්නන් වශයෙන්ද, (අල්ලාහ්ව) නමදිමින් සිටින්නේද, (ඔහු විශ්වාසය නොතබා, ප්‍රතික්ෂේප කරන්නෙකු මෙන් වන්නේද? නබියේ!) ඔබ මෙසේ පවසනු: දැනුවත් අයද, නොදැනුවත් අයද සමාන අය වන්නෙහුද? (මෙම කුර්ආනය මගින්) හොඳ ඔවදන් ලබා ගන්නා සියල්ලන්ම (අධ්‍යාපන) දැනුමෙන් යුතු අයයි.
قُلْ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍۢ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “විශ්වාසය තැබූ (හොඳ) වහලූනි! ඔබගේ දෙවියන්ට ඔබ බිය වී කටයුතු කරනු. මෙලොවදී පින් කරන්නන්ට හොඳක්ම ලැඛෙන්නේය. අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලය. ඉවසිලිවන්තයින් තමන්ගේ ඵලවිපාක අප්‍රමාණව (අධික වශයෙන්ම) ලබා ගනු ඇත.
قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ
(තවද නබියේ! අපි පවසන්නේ යයි) ඔබ මෙසේ පවසනු: “සම්පුර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම නමදින මෙන් නියත වශයෙන්ම මා අණ කරනු ලැබ ඇත්තෙමි. (මන්දයත්) නැමදුම් පිළිවෙත් (සියල්ල) ඔහුටම අයත්ය.
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ
“තවද (ඔහුට) සම්පූර්ණයෙන්ම අවනත වන්නන්ගෙන් පළමුවැන්නා වශයෙන් සිටින මෙන්ද මා අණ කරනු ලැබ ඇත්තෙමි” (යයිද පවසනු මැනව! පසුවද)
قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ
ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන්ට මා වෙනස්කමක් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට නියත වශයෙන්ම මා බිය වන්නෙමි”.
قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًۭا لَّهُۥ دِينِى
(තවද) ඔබ මෙසේ පවසනු: “සම්පූර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම මා නමදින්නෙමි. (මන්දයත්) මගේ නැමදුම ඔහුටම අයත්ය.
فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ
නමුත් ඔබ ඔහු හැර කැමති අයව නමදිමින් සිටිනු. (එයට අයත් දඬුවම අත් කර ගන්නෙහුය”. නබියේ!) ඔබ මෙසේද පවසනු: “ඇත්තෙන්ම පාඩුව විඳි අය කවුරුන්දයත් (දෙවියන්ට වෙනස්කම් කර) තමන්ටත්, තමන්ගේ පවුලටත් විනිශ්චය දිනදී පාඩුව ඇති කර ගත් අයයි. මෙය පැහැදිලි පාඩුවකැයි යන්න දැන ගනු!
لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌۭ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌۭ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَٰعِبَادِ فَٱتَّقُونِ
(විනිශ්චය දිනදී) මොවුන්ගේ (හිසට) උඩින්ද ගින්න වට කර ගනු ඇත. මොවුන්ගේ (පාදයන්හි) යටින්ද (ගින්න) වට කර ගනු ඇත. මේ අන්දමටම මෙමගින් අල්ලාහ් තම වහලූන්ට බිය ගන්වන්නේය. මගේ වහලූනි! මටම ඔබ බිය වනු”.
وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ
(එබැවින්) “කවුරුන් පිළිරූ නොනැමද, ඒවායෙන් ඈත් වී සම්පුර්ණයෙන්ම අල්ලාහ් දෙසටම හැරී සිටින්නෝද, ඔවුන්ටම සුභාරංචි වන්නේය. එබැවින් (නබියේ!) ඔබ (අපගේ එම හොඳ) වහලූන්ට සුභාරංචි පවසනු (මැනව!)
ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ
ඔවුන් (කෙබඳු අයදයත්, අපගේ) ආයාවන්ට සවන් දී එහි ඇති හොඳ දැය අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ මෙවැන්නන්ය. මොවුන්ම (ඇත්තෙන්ම) බුද්ධිමත් අයද වන්නාහ.
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ
(නබියේ!) කවුරුන් කෙරෙහි දඬුවම ගැනවූ පොරොන්දුව සත්‍යය වූවේද, (ඔහු අනිවාර්යයෙන්ම නිරයට යනු ඇත. නිරා) ගින්නෙහි සිටින ඔහුව ඔබ බේරා හරින්නෙහිද?
لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌۭ مِّن فَوْقِهَا غُرَفٌۭ مَّبْنِيَّةٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ
නමුත් කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට (ස්වර්ගයෙහි) තට්ටු පිට තට්ටු වශයෙන් ඇති ඉහළ මහලයන්ගෙන් (යුත් මාලිගාවන්) ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත. (මෙයම) අල්ලාහ්ගේ පොරොන්දුවකි. අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත.
Page 1 of 4 (75 ayahs)