Loading surah...
Back to Sinhala Quran
18 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُقَدِّمُوا۟ بَيْنَ يَدَىِ ٱللَّهِ وَرَسُولِهِۦ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ
විශ්වාසවන්තයිනි! අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද ඉදිරියේ (කතා කිරීමට) ඔබ එඩිතර නොවනු. අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَرْفَعُوٓا۟ أَصْوَٰتَكُمْ فَوْقَ صَوْتِ ٱلنَّبِىِّ وَلَا تَجْهَرُوا۟ لَهُۥ بِٱلْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَٰلُكُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَ
විශ්වාසවන්තයිනි! (නබිවරයා කතා කරන විට) නබිවරයාගේ ශබ්දයට ඉහළින් ඔබගේ ශබ්දය උස් නොකරනු. තවද ඔබ තුළ කෙනෙකු අනිත් කෙනා සමග ශබ්ද නගා කතා කරන්නාක් මෙන් ඔහු වෙත (කටහඞ උස් කර) ඔබ ශබ්ද නගා කතා නොකරනු. මන්දයත් ඔබගේ (පින් ඇති) ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනයක් නැති බවට පත් විය හැකිය. (මෙය) ඔබට වටහා ගත නොහැක.
إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصْوَٰتَهُمْ عِندَ رَسُولِ ٱللَّهِ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ٱمْتَحَنَ ٱللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌ
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ දූතයා ඉදිරියේ (ගෞරවණීය අන්දමට) තමන්ගේ කටහඞ පහත් කර තබා ගන්නෝද, එවැන්නන්ගේ හෘදයන් අල්ලාහ් පරිශුද්ධභාවය වෙනුවෙන් පිරික්සුම් කළේය. ඔවුන්ට සමාවද ඇත. ඉමහත් වූ ඵලවිපාකද ඇත.
إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلْحُجُرَٰتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
(නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (ඔබ වාසය කරන) කාමරවලට පසුපසින් (සිටිමින්) උස් හඬින් ඔබව අඞගසන්නෝද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අඥානයින්ය!
وَلَوْ أَنَّهُمْ صَبَرُوا۟ حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًۭا لَّهُمْ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
(ඔබගේ කාමරයේ සිට) ඔබ පිටතට විත් ඔවුන් වෙත පැමිණෙන තුරු ඔවුන් ඉවසාගෙන සිටියහොත් නියත වශයෙන්ම එය ඔවුන් කොපමණදෝ හොඳක් වශයෙන් වන්නට තිබුණි. එහෙත් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්ත-යෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن جَآءَكُمْ فَاسِقٌۢ بِنَبَإٍۢ فَتَبَيَّنُوٓا۟ أَن تُصِيبُوا۟ قَوْمًۢا بِجَهَٰلَةٍۢ فَتُصْبِحُوا۟ عَلَىٰ مَا فَعَلْتُمْ نَٰدِمِينَ
විශ්වාසවන්තයිනි! නපුරු අය කවුරුන් හෝ ඔබ වෙත යම්කිසි පුවතක් ගෙන ආවහොත් (එහි සත්‍යය දැන ගැනීම පිණිස, එය) හොඳින් විපරම් කර ගනු. (නැතහොත් ඔහුගේ වදන විශ්වාස කළ ඔබ), නොදැනුවත්කමින් කිසියම් ජනතාවකට ඔබ හානියක් කිරීමෙන් පසු ඔබ කළ දැය ගැන ඔබ දුක් වී කණගාටු වීමට සිදු වනු ඇත.
وَٱعْلَمُوٓا۟ أَنَّ فِيكُمْ رَسُولَ ٱللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِى كَثِيرٍۢ مِّنَ ٱلْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيْكُمُ ٱلْإِيمَٰنَ وَزَيَّنَهُۥ فِى قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ ٱلْكُفْرَ وَٱلْفُسُوقَ وَٱلْعِصْيَانَ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلرَّٰشِدُونَ
(විශ්වාසවන්තයිනි!) නියත වශයෙන්ම ඔබ අතරේ අල්ලාහ්ගේ දූතයා සිටින්නේය. -(ඔබ කැමති වන) බොහෝ කාරණාවන්හි ඔහු ඔබට අවනත වන්නේ නම්, නියත වශයෙන්ම ඔබම අමාරුකමට ලක් වනු ඇතැයි ඔබ ස්ථීර වශයෙන් දැන ගනු. එහෙත් අල්ලාහ් විශ්වාසය කෙරෙහිම ඔබට ආදරය දී ඔබගේ හෘදයන්හිද එයම අලංකාරවත් කර තැබුවේය. තවද ප්රතික්ෂේපයද, පාපයද, වෙනස්කම් කිරීමද, ඔබට පිළිකුල් වශයෙන්ද පත් කර හැරියේය. මෙවැන්නන්ම ඍජු මාර්ගයෙහි සිටින්නාහ.
فَضْلًۭا مِّنَ ٱللَّهِ وَنِعْمَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ
(ඉතාමත් ශ්‍රේෂ්ඨ මෙම වර්ණනාව අත් කර ගැනීම) අල්ලාහ්ගේ කරුණාවද, (ඔහුගේ) වරප්‍රසාදයද වන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُوا۟ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا ۖ فَإِنۢ بَغَتْ إِحْدَىٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَٰتِلُوا۟ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ ۚ فَإِن فَآءَتْ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓا۟ ۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ
විශ්වාසවන්තයින්ගෙන් වූ සමූහයන් දෙකක් තමන් තුළ ආරවුල් ඇති කර ගතහොත් (සමූහයන්) දෙක අතරේ සමාදාන කර හරිනු. පසුව ඔවුන්ගෙන් එක් (සමූහයක්) අනිත් (සමූහය) කෙරෙහි (සීමාව ඉක්මවා) අපරාධ කළහොත්, අපරාධ කළ අය, අල්ලාහ්ගේ නියෝගයන් දෙසට පැමිණෙන තුරු ඔවුන් සමග ඔබ (විරුද්ධව) යුද්ධ කරනු. ඔවුන් (අල්ලාහ්ගේ නියෝගයන් දෙසට) හැරුණහොත් සාධාරණ අන්දමට එම (සමූහයන්) දෙක අතරේ සමාදාන කර හරිනු. (මෙහි) ඔබ සාධාරණ අන්දමට කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නේය.
إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌۭ فَأَصْلِحُوا۟ بَيْنَ أَخَوَيْكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
විශ්වාසවන්තයින් (සියල්ලන්ම) නියත වශයෙන්ම සහෝදරයින්ය! එබැවින් ඔබගේ සහෝදරයින් අතරේ (සාමය හා සමාදානය ස්ථීර කර) සහෝදරත්වයෙන් ජීවත් වනු. (මෙහි) අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. (මෙමගින්) ඔහුගේ දයාව අත් කර ගත හැකිය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَسْخَرْ قَوْمٌۭ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُوا۟ خَيْرًۭا مِّنْهُمْ وَلَا نِسَآءٌۭ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًۭا مِّنْهُنَّ ۖ وَلَا تَلْمِزُوٓا۟ أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا۟ بِٱلْأَلْقَٰبِ ۖ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَٰنِ ۚ وَمَن لَّمْ يَتُبْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ
විශ්වාසවන්තයිනි! කුමන පිරිමින් හෝ වෙන කිසිම පිරිමින්ව සමච්චල් නොකළ යුතුය. ඔවුන් (අල්ලාහ්ගේ සන්නිධානයෙහි සමච්චල් කරන) මොවුන්ට වඩා උසස් අය වශයෙන් සිටිය හැකිය. (එසේම) කුමන ගැහැණනුන් හෝ වෙනත් කිසිම ගැහැනුන්ව (සමච්චල් නොකළ යුතුය). ඔවුන් (සමච්චල් කරන) මොවුන්ට වඩා උසස් අය වශයෙන් සිටිය හැකිය. ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාව දීනවූ අන්දමට (අදහස් කරමින් වැරදි අඩුපාඩුකම්) නොකිව යුතුය. ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට (නරක) පටබැඳි නම් නොතැබිය යුතුය. විශ්වාසය තැබූ පසු, නරක පටබැඳි නම් තැබීම අති විශාල පාපයක් වන්නේය. කවුරුන් (මේවායෙන්) ඈත් නොවන්නෝද, ඔවුන්ම (සීමාව ඉක්මවා ගිය) අපරාධකරුවන් වන්නාහ.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱجْتَنِبُوا۟ كَثِيرًۭا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعْضَ ٱلظَّنِّ إِثْمٌۭ ۖ وَلَا تَجَسَّسُوا۟ وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًۭا فَكَرِهْتُمُوهُ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ تَوَّابٌۭ رَّحِيمٌۭ
විශ්වාසවන්තයිනි! සැකයන්ගෙන් වැඩි වශයෙන් ඔබ ඈත් වනු. මන්දයත් සමහර කාරණාවන්හි සැක කිරීම පාපයක් වශයෙන් ඇත්තේය. (කිසිවෙකුගේ වැරදි) ඔබ හාර හාරා විපරම් කරමින් නොසිටිනු. ඔබගෙන් කෙනෙකු වෙන කිසිවෙකු ගැන ඕපාදූප කතා නොකරනු. ඔබගෙන් කිසිවෙකුත් තමන්ගේ මිය ගිය සහෝදරයාගේ මස් කෑමට කැමති වන්නෙහුද? එය ඔබ පිළිකුල් කරනවා නොවෙද! (ඕපාදූප කතා කිරීමද එවැනි දැයකි. මෙම කාරණාවන්හි) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් (පාපයන්ගෙන්) ඈත් වන්නන්ව බාර ගන්නෙකු වශයෙන්ද, දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَٰكُم مِّن ذَكَرٍۢ وَأُنثَىٰ وَجَعَلْنَٰكُمْ شُعُوبًۭا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۭ
මිනිසුනේ! නියත වශයෙන්ම අපි ඔබව එක් පිරිමියෙකු හා ගැහැනියකුගෙ-න්ම උත්පාදනය කළෙමු. පසුව කෙනෙකු අනිත් කෙනාව හඳුනා ගැනීම පිණිස ජාතීන් බවටද, ගෝත්‍රිකයින් බවටද පත් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට වඩා උසස් යයි ආඩම්බර බස් දෙඩීමට තරම් දැයක් නැත. එහෙත්) ඔබගෙන් කවුරුන් ඉතාමත් භය භක්තිකයින් වශයෙන් සිටින්නේද, ඔහුම නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ගෞරවණීය කෙනෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා හොඳින් දැනුවත් කෙනෙකු වශයෙන් සිටින්නේය.
۞ قَالَتِ ٱلْأَعْرَابُ ءَامَنَّا ۖ قُل لَّمْ تُؤْمِنُوا۟ وَلَٰكِن قُولُوٓا۟ أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ ٱلْإِيمَٰنُ فِى قُلُوبِكُمْ ۖ وَإِن تُطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتْكُم مِّنْ أَعْمَٰلِكُمْ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ
(නබියේ!) ගම්බද අරාබිවරුන්ගෙන් බොහොමයක් “අපිත් විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ විශ්වාස කරන්නේ නැත. (නමුත් අපට බයේ) අවනත වූවන් යයි (ඔබව), ඔබ හඳුන්වා ගනිමින් කියා ගනු. මන්දයත් විශ්වාසය ඔබගේ හෘදයන් තුළට ඇතුළු වූවේම නැත. එහෙත් (ඇත්තෙන්ම) ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දුතයාටද, අවනත වී කටයුතු කරන්නේ නම්, ඔබගේ (පින් ඇති) ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු, ඔබට අඩු කර හරින්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය”.
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمْ يَرْتَابُوا۟ وَجَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ
(සත්‍ය) විශ්වාසවන්තයින් කවුරුන්දයත් ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දුතයාවද, (ඇත්තෙන්ම) විශ්වාස කර, පසුව කිසිම සැකයක් නොතබා, අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ පණද, වස්තූන්ද, පූජා කර යුද්ධ කරන්නාහ. මෙවැන්නන්ම (තමන්ගේ විශ්වාසයෙහි) සත්‍යවන්තයින් වන්නාහ.
قُلْ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمْ وَٱللَّهُ يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඔබ ධර්මය අනුගමනය කරමින් කටයුතු කරන්නන් යයි) ඔබගේ වත් පිළිවෙත්(ද ධර්ම භක්තියද) ඔබ අල්ලාහ්ට දැනුම් දෙන්නේද? අල්ලාහ් නම් අහස්හිද, භූමියෙහිද ඇති දැය හොඳින් දන්නෙකි. තවද සියලූ වස්තූන්ම අල්ලාහ් හොඳින් දන්නෙකි”.
يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا۟ ۖ قُل لَّا تَمُنُّوا۟ عَلَىَّ إِسْلَٰمَكُم ۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَىٰكُمْ لِلْإِيمَٰنِ إِن كُنتُمْ صَٰدِقِينَ
(නබියේ!) ඔවුන් ඉස්ලාමයෙහි එක්කාසු වීමේ හේතුවෙන් ඔබ කෙරෙහි කෘතඥ වූවේය යයි ඔවුන් අදහස් කරන්නාහ. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ ඉස්ලාමයෙහි එක්කාසු වීම නිසා මා කෙරෙහි කෘතඥ වූවේය යයි අදහස් නොකරනු. එහෙත් විශ්වාසයෙහි ඍජු මාර්ගයේ ඔබව ඇතුළු කළ හේතුවෙන් අල්ලාහ්ම ඔබ කෙරෙහි කෘතඥ වී ඇත්තේය. ඔබ, (ඔබගේ විශ්වාසයෙහි) සත්‍යවන්තයින් වශයෙන් සිටියහොත් (මෙය හොඳින් දැන ගන්නෙහුය)”.
إِنَّ ٱللَّهَ يَعْلَمُ غَيْبَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا تَعْمَلُونَ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හිද, භූමියෙහිද ඇති රහස් හොඳින් දන්නෙකි. එබැවින් ඔබ කරන දැයද, අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.