Loading surah...
Back to Sinhala Quran
45 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قٓ ۚ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ
කාෆ්. (නබියේ!) ගෞරවයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම!
بَلْ عَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ فَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا شَىْءٌ عَجِيبٌ
(ඔබ අප විසින් යවන ලද දූතයෙකි). එහෙත් ඔවුන්ගෙන්ම ඔවුන්ට බියගන්වා අනතුරු අඟවන කෙනෙකු පැමිණීම ගැන ඔවුන් පුදුම වන්නාහ. තවද මෙම ප්‍රතික්ෂේප කරන්නන් මෙය ඉතාමත් පුදුමාකාර කාරණාවක් යයිද පවසන්නාහ.
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا ۖ ذَٰلِكَ رَجْعٌۢ بَعِيدٌۭ
(තවද “මෙම දූතයා පවසන අන්දමට) අපි මැරී (දිරා ගොස්) පස් බවට පත් වීමෙන් පසුව, (පණ දී නැගිට්ටවනු ලබන්නෙමුද)? මෙසේ නැවත පැමිණීම ඉතාමත් (ඈත) එපිටය. (නැවත නැගිටවනු ලබන්නේම නැත” යයිද පවසන්නාහ).
قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ ۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظٌۢ
(මරණයට පත් වූ පසු) ඔවුන්ගේ සිරුර පස් (කා දමා) විනාශ වී යනු නියත වශයෙන්ම අපි දනිමු. (එහෙත් අපි කැමති වේලාවන්හි මරණයට පත් ඔවුන්ට, පණ දී නැගිටුවා හරින්නෙමු). තවද (ඔවුන් කළ නපුර සටහන් කර) ආරක්ෂා කර තබා ඇති පුස්තකය අප වෙත ඇත්තේය. (එහි සෑම දැයක්ම ලියා තබා ඇත්තේය).
بَلْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍۢ مَّرِيجٍ
මෙසේ තිබියදී ඔවුන් වෙත පැමිණි සත්‍යය වූ (ධර්මය) ඔවුන් බොරු කර, ඉමහත් ආරවුලකට ලක් කළහ.
أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٍۢ
තමන්ට ඉහළින් ඇති අහස ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි එය කෙසේ නම් (ස්ථීරවත්ව) නිර්මාණය කර, එය (තාරකා මගින්) අලංකාරවත් කර තබා ඇත්තෙමු. එහි කිසිම පිපිරීමක් හෝ නැත. (බිඳීමක්, කැඩීමක්ද නැත!)
وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ
තවද අපිම භූමිය පුළුල් කර, එහි ස්ථීර වූ කඳුද නිර්මාණය කර අලංකාරවත් පැළෑටි, ගස් කොළන් සියල්ල (පිරිමි, ගැහැනු මගින් වූ) ජෝඩු ජෝඩු වශයෙන් එහි වැඩෙන්නට සැලැස්සුවෙමු.
تَبْصِرَةًۭ وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ
(මෙය අප) දෙසට හැරී සිටින සියලූ වහලූන්ටම හොඳ ඔවදනක් වශයෙන්ද, එක් ඥානාලෝකයක් වශයෙන්ද (ඇත්තේය).
وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ مُّبَٰرَكًۭا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّٰتٍۢ وَحَبَّ ٱلْحَصِيدِ
වලාකුළෙන් ඉතාමත් භාග්‍යයෙන් පිරි වර්ෂාව, අපි වැසීමට සලස්වා එමගින් බොහොමයක් උයන් වතුද, (ගොවියන්) කපා (පාගා) ගන්නා ධාන්‍ය බීජයන්ද පැළවෙන්නට සලස්වන්නෙමු.
وَٱلنَّخْلَ بَاسِقَٰتٍۢ لَّهَا طَلْعٌۭ نَّضِيدٌۭ
එක පිට එක (පලතුරු වලින්) පිරි වලූවලින් යුත් උසට වැඩෙන ඉඳි ගස්ද (පැළවෙන්නට සලස්වා)-
رِّزْقًۭا لِّلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ ٱلْخُرُوجُ
(එය අපගේ) වහලූන්ට ආහාර බවට පත් කර, එමගින් මැරී ගිය භූමිය අපි පණ ගන්වන්නෙමු. මෙසේම (මරණයට පත් වූවන්ව සොහොන්වලින්) ඉකුත් කිරීමද වන්නේය.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَأَصْحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ
(මේ සියල්ල) මොවුන්ට පෙර සිටි නූහුගේ ජනයාද, රස්සු (නමැති අගල්)වාසීන්ද, සමූද් (නමැති ජනයාද) බොරු කළහ.
وَعَادٌۭ وَفِرْعَوْنُ وَإِخْوَٰنُ لُوطٍۢ
ආද් (නමැති ජනයා)ද, ෆිර්අව්න් ද, ලුත්ගේ සහෝදරයින්ද (බොරු කළහ).
وَأَصْحَٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍۢ ۚ كُلٌّۭ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ
තවද (මද්යන්) වතු වාසීන්ද, (යෙමන් දේශයට අයත් රාජ වංශයේ අය වන) තුබ්බඋ නමැති ජනයාද, ආදී මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ. එබැවින් (ඔවුන්ව විනාශ කර දමන්නෙමු යයි කළින් අපි දැනුම් දී තිබුනු අපගේ දඬුවම ගැන) බියගන්වා අනතුරු ඇඟවීම සත්‍යය වී ගියේය.
أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ ۚ بَلْ هُمْ فِى لَبْسٍۢ مِّنْ خَلْقٍۢ جَدِيدٍۢ
(උත්පාදනයන් සියල්ල) පළමු වරට උත්පාදනය කිරීමේදී අපි ආයාසයට පත් වූවෙමුද, (මොවුන්ව නැවත වරක් උත්පාදනය කිරීම අමාරුකමක් යයි පැවසීමට)? නැත. අළුතින් (පළමු වරට මොවුන්ව) උත්පාදනය කළේ කවුරුන්ද යන්නෙහිද මොවුන් සැකයෙන් යුතුව සිටින්නාහ.
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ
නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරටද) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇති වන සිතුවිල්ලද, අපි හොඳින් දනිමු. පිටි ඛෙල්ලේ ඇති පණ නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපයෙන්ම සිටින්නෙමු.
إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌۭ
දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ.
مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌۭ
(මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරො-ත්තුවෙන් සිටින කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නේය).
وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ
ඇත්තෙන්ම මරණ මංචකයේ වේදනාව පැමිණෙන මොහොතේදී (ඔහුට) “ඔබ බේරී යාමට අදහස් කළේ මෙයයි” (යයි කියනු ලැබේ).
وَنُفِخَ فِى ٱلصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ ٱلْوَعِيدِ
කුමන කලකදී හොරණෑව පිඹිනු ලබන්නේද, (එවිට ඔහුට “ඔබට) බියගන්වා අනතුරු අඟවමින් තිබුණු (විනිශ්චය) දිනය මෙයයි” (යයි කියනු ලැබේ).
Page 1 of 3 (45 ayahs)