Loading surah...
Back to Sinhala Quran
62 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّجْمِ إِذَا هَوَىٰ
(දිස්වී) සැඟවෙන තාරකාවන් මත සත්තකින්ම!
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
(අපගේ දුතයා වන) ඔබගේ මිතුරා, මාර්ගය වැරද ගියේද නැත. දුර්මාර්ගයෙහි ගියේද නැත.
وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ
ඔහු තම කැමැත්තට අනුව (කිසිවක්) පවසන්නේ නැත.
إِنْ هُوَ إِلَّا وَحْىٌۭ يُوحَىٰ
මෙය ඔහුට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයක් මිස, වෙන කිසිවක් නොව.
عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ
(ජිබ්රීල් නමැති) තේජවන්තයාම මෙය ඔහුට උගන්වා දෙන්නේය.
ذُو مِرَّةٍۢ فَٱسْتَوَىٰ
ඔහු ඉතාමත් (ආත්ම) ශක්තියෙන් යුත්තෙකි. (තම ස්වාභාවික හැඩරුවෙන් අපගේ නබි ඉදිරියේ) ඔහු දිස්වූවේය.
وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ
ඔහු උස් වූ (අහසේ) ක්ෂිතිජයෙන් (බැස)-
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
සමීප වී, පසුව අසළට පැමිණියේය.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ
(නැවුන) දුන්නේ දෙකෙළවර මෙන් හෝ නැතහොත් ඊටත් වඩා සමීපයෙන් ඔහු ළං වූවේය.
فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ
(අල්ලාහ්) ඔහුට දැනුම් දුන් සියල්ල ඔහු, ඔහුගේ (නබිවරයා වන) වහලාට වහී මගින් දැනුම් දුන්නේය.
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ
(නබිගේ) හෘදය, තමන් දුටු දැය ගැන බොරු කීවේ නැත.
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
ඔහු දුටු දැය ගැන ඔබ (සැක සිතා) ඔහු සමග තර්ක කරන්නෙහුද?
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
නියත වශයෙන්ම ඔහු තවත් වරක්ද (ජිබ්රීල් වන ඔහු මිහ්රාජ්) පහළ වනු දැක ඇත්තේය.
عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ
සිද්රතුල් මුන්තහා නමැති ගසේ සීමාවෙහි-
عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ
එහි සමීපයෙහිම (හොඳ වහලූන්) රැෙඳන ස්වර්ගය ඇත්තේය.
إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ
එම ගස වටකර ගත යුතු දැය එය (සම්පූර්ණයෙන්ම) වට කර ගත්තේය.
مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ
(එයින් ඔහුගේ) බැල්ම ඈත් වූයේද නැත. පසු කළේද නැත.
لَقَدْ رَأَىٰ مِنْ ءَايَٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ
ඔහු තම දෙවියන්ගේ අති විශාල ප්රාතිහාර්යයන් (සියල්ල) ඇත්තෙන්ම දුටුවේය.
أَفَرَءَيْتُمُ ٱللَّٰتَ وَٱلْعُزَّىٰ
(ඔබ ආරාධනා කරන) ලාත්, උස්සා (නමැති පිළිරූ) ගැනද,
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ
අනිත් එකක් වන තුන්වන මනාත් (නමැති ගැහැණු පිළිමය) ගැනද ඔබ අවධානය කළෙහුද? (ඒවාට කුමක් හෝ ශක්තියක් ඇත්ද?)
Page 1 of 4 (62 ayahs)