Loading surah...
Back to Sinhala Quran
55 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ
විනිශ්චය දිනය ළඟා විය. (එයට සළකුණක් වශයෙන්) චන්ද්රයාද පැළී ගියේය.
وَإِن يَرَوْا۟ ءَايَةًۭ يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌۭ مُّسْتَمِرٌّۭ
එහෙත් ඔවුන් එම සාධකය දුටුවා වුවද, (එය) ප්රතික්ෂේප කර “මෙය දිගටම පැවත එන සූනියමකි” යයි පවසන්නාහ.
وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍۢ مُّسْتَقِرٌّۭ
තවද එය බොරු කර, තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ. (මෙසේ ඔවුන් එය ප්රතික්ෂේප කළා වුවද, පැමිණිය යුතු) සෑම කාරණාවක්ම (එහි කාලය තුළ පැමිණ) ස්ථීර වී යනු ඇත.
وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ
(මොවුන්ට ප්රමාණවත් පාඩමක් ලබා දිය හැකි බොහොමයක් කාරණාවන් (මීට පෙරද) නියත වශයෙන්ම ඔවුන් වෙත පැමිණම ඇත්තේය.
حِكْمَةٌۢ بَٰلِغَةٌۭ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ
(ඒවා ඔවුන්ට) පූරණ ඥානයක් ලබා දිය හැකි දැයයි. එහෙත් (එවා මගින්) බියගන්වා අනතුරු ඇඟවීම (මොවුන්ට) ප්රයෝජනයක් අත් කර දුන්නේ නැත.
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍۢ نُّكُرٍ
එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව ප්රතික්ෂේප කර දමනු. මොවුන් පිළිකුල් කරන (එම ප්රශ්න ගණනය කිරීමේ) කාරණාව වෙනුවෙන් (ඉස්රාෆීල් යයි) හඳුන්වනු ලබන්නා, ආරාධනා කරන දිනදී
خُشَّعًا أَبْصَٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌۭ مُّنتَشِرٌۭ
ඔවුන් පහත හෙලු බැල්මෙන් යුතුව සොහොන්වලින් ඉකුත් වී විසිරී සිටින පළඟැටියන් මෙන් කැඳවන්නා වෙත වේගයෙන් දිව එන්නාහ.
مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَٰفِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌۭ
‘මෙය ඉතාමත් අමාරුකමෙන් යුත් දිනයකි’ යයිද එම ප්රතික්ෂේපකයන් (ඒ අවස්ථාවේදී) පවසනු ඇත.
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌۭ وَٱزْدُجِرَ
(මේ අන්දමටම) මොවුන්ට පෙර සිටි නුහුගේ ජනයාද (එම දිනය) බොරු කරමින් සිටියහ. එබැවින් ඔවුන් (ඒ ගැන අනතුරු ඇඟවූ) අපගේ (දූතයා වන) වහලාව බොරුකාරයා කළ අතර (ඔහුව) පිස්සෙකු යයි පවසා (වේදනා කර) එළවා දැමූහ.
فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌۭ فَٱنتَصِرْ
එබැවින් ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම මා (පරදවා, මොවුන් විසින්) ජයග්රහණය අත්කර ගනු ලැබූහ. ඔබ මට උදව් කරනු (මැනව!)” යයි ප්රාර්ථනා කළේය.
فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍۢ مُّنْهَمِرٍۢ
එබැවින් අහස්හි ෙදාරටු විවර කර දමා දාරානිපාත වර්ෂාව වසින්නට අපි සැලැස්සුවෙමු.
وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًۭا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍۢ قَدْ قُدِرَ
තවද භූමියෙහි උල්පත්ද (උතුරා) ගලා බසින්නට සැලැස්සුවෙමු. එබැවින් නියමිත ප්රමාණයකට ජලයන් (දෙකම) කළවම් වී (ඉහළ නගින්නට) විය.
وَحَمَلْنَٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍۢ وَدُسُرٍۢ
අපි ඔහුව (ද, ඔහුව විශ්වාස කළ අයවද) ලෑලිවලින්ද, ඇනවලින්ද තනන ලද (ලී) වල්ලමක් මත උසුළා ගත්තෙමු.
تَجْرِى بِأَعْيُنِنَا جَزَآءًۭ لِّمَن كَانَ كُفِرَ
එය අපගේ ඇස් ඉදිරියේම (වල්ලමේ පාවී) ගියේය. (අන් අය නම්, ගිලී මැරී ගියහ. මොහු විසින්) ප්රතික්ෂේප කරනු ලැබූ අයට ඵලවිපාක වශයෙන් (මෙසේ දඬුවම් කරන ලදී).
وَلَقَد تَّرَكْنَٰهَآ ءَايَةًۭ فَهَلْ مِن مُّدَّكِرٍۢ
නියත වශයෙන්ම අපි මෙය (පසුකාලීන අයට) එක් පාඩමක් වශයෙන් කර හැරියෙමු. (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගත හැකි අය කවුරුන් හෝ ඇත්ද?
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
මගේ දඬුවමද, (මගේ) බියගන්වා දැනුම් දීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද? )
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ
මිනිසුන් හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිසම මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද?
كَذَّبَتْ عَادٌۭ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
ආද් (නමැති (ජනයා)ද (මේ අන්දමටම අපගේ දූතයාව) බොරු කරමින් සිටියහ. එහෙත් (ඔවුන්ට ඇති වූ) මගේ දඬුවමද (මගේ) අනතුරු ඇඟවීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද?)
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِى يَوْمِ نَحْسٍۢ مُّسْتَمِرٍّۢ
නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි (කවදත්) ස්ථීර වූ අභාග්යවන්ත දිනදී ඉතාමත් දරුණු සුළි සුළඟක් යැව්වෙමු.
تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍۢ مُّنقَعِرٍۢ
එය මුල් නැති ඉඳි ගස් මෙන් මිනිසුන්ව උදුරා (වීසි) කර දැමුවේය.
Page 1 of 3 (55 ayahs)