Loading surah...
Back to Sinhala Quran
206 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓصٓ
අලිෆ්. ලාම්. මීම්. සාද්.
كِتَٰبٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِى صَدْرِكَ حَرَجٌۭ مِّنْهُ لِتُنذِرَ بِهِۦ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
(නබියේ! මෙම) ධර්මය ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය. මේ ගැන ඔබගේ පපුවෙහි කිසිම අපහසුතාවයක් නොවේවා!මෙමගින් ඔබ (මිනිසුන්ට) බිය ගන්වා අනුතුරු ඇඟවීම සඳහාද, විශ්වාසය තැබූවන්ට එක් හොඳ ඔවදනක් වශයෙන්ද (පහළ කරනු ලැබ ඇත්තේය).
ٱتَّبِعُوا۟ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۗ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ
(මිනිසුනේ!) ඔබ වෙනුවෙන් ඔබගේ දෙවියන් විසින් පහළ කරනු ලැබූ දැය අනුගමනය කරනු. ඔහු මිස, (වෙන කිසිවෙකුත් ඔබට) ආරක්ෂකයන් (වශයෙන් පත් කරගෙන, ඔවුන්ව) අනුගමනය නොකරනු. (එහෙත් මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගැනීම ඉතාමත් අල්පය!
وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا فَجَآءَهَا بَأْسُنَا بَيَٰتًا أَوْ هُمْ قَآئِلُونَ
(පාපතරයන් වාසය කළ) බොහෝ නගරයන් අපි විනාශ කර ඇත්තෙමු. රාත්‍රියෙහි හෝ නැතහොත් ඔවුන් (ඒවායෙහි සිටි අය) නිදා සිටියදී දහවලෙහි හෝ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය.
فَمَا كَانَ دَعْوَىٰهُمْ إِذْ جَآءَهُم بَأْسُنَآ إِلَّآ أَن قَالُوٓا۟ إِنَّا كُنَّا ظَٰلِمِينَ
ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණි අවස්ථාවේදී “නියත වශයෙන්ම අපිම අපට නපුරක් කර ගත්තෙමු” යයි පැවසීම මිස, වෙන කිසිවක් ඔවුන් පැවසුවේ නැත.
فَلَنَسْـَٔلَنَّ ٱلَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْـَٔلَنَّ ٱلْمُرْسَلِينَ
එබැවින් (මේ ගැන අපගේ ධර්මය වන) දූත මෙහෙවර කවුරුන් වෙත යවා ඇත්තෙමුද, ඔවුන්වද නියත වශයෙන්ම අපි විභාග කරන්නෙමු. තවද (අපගේ) දූතයින්වද නියත වශයෙන්ම අපි විභාග කරන්නෙමු.
فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍۢ ۖ وَمَا كُنَّا غَآئِبِينَ
(ඔවුන්ගේ ක්‍රියාවන් ගැන අපි) හොඳින් දැන (විනිශ්චය කාලයේදී) නියත වශයෙන්ම අපි ඔවුන්ට පවසන්නෙමු. නියත වශයෙන්ම අපි (කුමන වේලාවකදී හෝ කුමන ස්ථානයකදී හෝ) සැඟවී සිටියේ නැත.
وَٱلْوَزْنُ يَوْمَئِذٍ ٱلْحَقُّ ۚ فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
(සෑම කෙනෙකුගේම පින් පව්ද) එදින බර කිරීම නියතයි. එබැවින් කවුරුන්ගේ (පින් වල) බර වැඩි වූවේද, ඔවුන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නාහ.
وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُم بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَظْلِمُونَ
කවුරුන්ගේ (පින් වල) බර (අඩු වී) ලෙහෙසි වන අන්දමට ඇත්තේද, ඔවුන් අපගේ ආයාවන්ට වෙනස්කම් කළ බැවින් තමන්ට තමන්ම නපුරක් කර ගත් අය බවට පත් වන්නාහ.
وَلَقَدْ مَكَّنَّٰكُمْ فِى ٱلْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ ۗ قَلِيلًۭا مَّا تَشْكُرُونَ
(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි ඔබට භූමියෙහි සියලූම සැප පහසුකම් ලබා දී එහි ඔබට ජීවනෝපායද ඇති කළෙමු. (මෙසේ තිබියදී) ඔබ ස්තූති කිරීමද ඉතාමත් අල්පය!
وَلَقَدْ خَلَقْنَٰكُمْ ثُمَّ صَوَّرْنَٰكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ لَمْ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
නියත වශයෙන්ම අපි ඔබව උත්පාදනය කිරීමට (අදහස් කර) ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) නිර්මාණය කළෙමු. පසුව අපි මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි කීවෙමු. ඉබ්ලිස් හැර, (අනිත් මලායිකාවරුන් සියල්ල ඔහුට) හිස නවා සුජූද් කළහ. ඔහු සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු වූවේ නැත.
قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا۠ خَيْرٌۭ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍۢ وَخَلَقْتَهُۥ مِن طِينٍۢ
(එබැවින් දෙවියන් ඉබ්ලීස්ට) “මා ඔබට නියෝග කළ අවස්ථාවේදී ඔබ හිස නවා සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද?”යි විමසුවේය. එයට (ඉබ්ලීස්) “මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨයෙකි. (මන්දයත්) ඔබ මාව ගින්නෙන් උත්පාදනය කර ඇත්තෙහිය. (කිරි මැටි වලට වඩා ගින්දර උසස්ය)” යයි (ආඩම්බරයෙන් යුතුව) පැවසුවේය.
قَالَ فَٱهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخْرُجْ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ
(එයට දෙවියන්) “මෙයින් ඔබ බැස යනු. ඔබ ආඩම්බර වීමට මෙහි ඉඩක් නැත. එබැවින් ඔබ පිටමං වනු. (ඔබගේ උඞගුකමේ හේතුවෙන්) නියත වශයෙන්ම ඔබ අවමන් වූවන්ගෙන් කෙනෙකු බවට පත් වූවෙහිය” යයි පැවසුවේය.
قَالَ أَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
(එයට ඉබ්ලීස් වන) ඔහු “(මරණයට පත් වුවන්ව) නැගිට්ටවන දින දක්වා ඔබ මා හට කාල අවකාශයක් ලබා දෙනු” යයි ඉල්ලා සිටියේය.
قَالَ إِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ
(එයට) දෙවියන් “නියත වශයෙන්ම ඔබ (ඒ අන්දමටම) කාල අවකාශයක් ලබා දුන් (කෙනෙකු බවට) සිටින්නෙහිය” යයි කීවේය.
قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ
(එයට ඉබ්ලීස්) “ඔබ මාව අවමන් කළ බැවින් (ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන) ඔවුන් ඔබගේ ඍජු මාර්ගයෙහි නොයා (වළක්වා හැරීමට මාර්ගය අවහිර කර එහි) වාඩි වී සිටින්නෙමි”.
ثُمَّ لَءَاتِيَنَّهُم مِّنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَٰنِهِمْ وَعَن شَمَآئِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَٰكِرِينَ
“නියත වශයෙන්ම ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින්ද ඔවුන්ගේ දකුණු පැත්තේ හා වම් පැත්තෙන්ද ඔවුන් වෙත පැමිණ (ඔවුන්ව මාර්ගය වැරද) යවමින්ම සිටින්නෙමි. එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව (ඔබට) කෘතඥ වන්නන් බවට ඔබ නොදකින්නෙහිය” යයිද කීවේය.
قَالَ ٱخْرُجْ مِنْهَا مَذْءُومًۭا مَّدْحُورًۭا ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ
(එයට දෙවියන්) “නින්දාවට ලක් වූවෙකු වශයෙන්ද, එළවා දමනු ලැබූවෙකු වශයෙන්ද ඔබ මෙතැනින් පිටමං වනු. නියත වශයෙන්ම (ඔබවද) ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන්නන්වද ආදී ඔබ සියල්ලන් මගින් නියත වශයෙන්ම නිරය පුරවන්නෙමි” යයි පැවසුවේය.
وَيَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ
(පසුව දෙවියන් ආදම්ට) “ඕ ආදම්! ඔබත් ඔබගේ භාර්යයාවද මෙම උයනෙහි වාසය කරනු. ඔබ දෙදෙනා ඔබ කැමති ස්ථානයන්ට (ගොස් කැමති දැයක්) ආහාරයට ගනු. එහෙත් මෙම ගසට ළං නොවනු. (එසේ ගියහොත්) එමගින් ඔබට, ඔබම හානියක් කර ගත් අය බවට පත් වන්නෙහුය” (යයිද පැවසුවේය).
فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَٰلِدِينَ
එහෙත් ඒ දෙදෙනාට සඟවා තිබූ ඔවුන්ගේ රහස් දැය ඔවුන්ට එළිදරව් කිරීම පිණිස, (ඉබ්ලීස් වන) ෂෙයිතාන් (වැරදි සිතුවිල්ලක්) ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කිරීමට සලස්වා ඔවුන්ට “(එහි පලතුරු ආහාරයට ගතහොත්) ඔබ දෙදෙනා මලායිකාවරුන් වශයෙන් හෝ නැතහොත් මරණයක් නොමැත්තන් වශයෙන් හෝ බවට පත් වන්නෙහුය යන්න මිස, (වෙන කිසිවක් සඳහා හෝ) ඔබගේ දෙවියන් මෙම ගස ඔබට වැළැක්වූයේ නැත” යයි පැවසූ අතර
Page 1 of 11 (206 ayahs)