Loading surah...
Back to Sinhala Quran
75 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ
(නබියේ!) අන්ෆාල් (නමැති යුද පිටියේදී ලැබුණු වස්තූන්) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: අන්ෆාල් අල්ලාහ්ටද, (අල්ලාහ්ගේ) දූතයාටද අයිති දැයයි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී (එහි කිසි දැයක් නොස`ගවා) ඔබ අතරේ නියම ආකාරයට කටයුතු කරනු. ඇත්තෙන්ම ඔබ සත්‍ය විශ්වාසවන්තයින් නම්, අල්ලාහ්ටද, අල්ලාහ්ගේ දූතයාටද අවනත වී කටයුතු කරනු.
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَٰتُهُۥ زَادَتْهُمْ إِيمَٰنًۭا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
ඇත්තෙන්ම විශ්වාසවන්තයින් කවුරුන්දයත් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය, (ඔවුන් ඉදිරියේ) කියනු ලැබුවහොත්, ඔවුන්ගේ හෘදයන් බිය වී වෙව්ලනු ඇත. ඔහුගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් විශ්වාසය ඔවුන්ට නැවතත් අධික වනු ඇත. ඔවුන් තම දෙවියන්වම සම්පූර්ණයෙන්ම විශ්වාසයෙන් යුතුව සිටිනු ඇත.
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ
ඔවුන් සලාතයද නොකඩවා සලාත් කරනු ඇත. අපි ඔවුන්ට ලබා දුන් වස්තුවෙන් (දානමාන වශයෙන්) වියදම් කරනු ඇත.
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُمْ دَرَجَٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ
මෙවැන්නන්ය ඇත්තෙන්ම විශ්වාසවන්තයින්. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පදවීන්ද, ක්ෂමාවද ඇත. තවද ගෞරවණීය ආහාරද ඇත.
كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَٰرِهُونَ
(නබියේ!) ඔබගේ දෙවියන් ඔබගේ නිවසින් සත්‍යය මගින් ඔබව ඉකුත් කළ අවස්ථාවේදී, විශ්වාසවන්තයින්ගෙන් එක් සමූහයක් (බද්රු යුද්ධයේදී ඔබ සමග යාමට) කැමති නොවූවාක් සේම
يُجَٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ
(යුද්ධ කිරීම අනිවාර්යය යයි) ඔවුන් පැහැදිලිව දැන ගත් පසුවද -මෙම සත්‍ය කාරණාවෙහිද- ඔවුන්, ඔබ සමග තර්ක කරන්නාහ. තමන්ගේ ඇස්වලින් දකින මරණය දෙසටම ඔවුන්ව දක්කාගෙන යනු ලබන්නාක් මෙන්ය!
وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَٰفِرِينَ
(සතුරන්ගෙන්) සමූහයන් දෙකකින් එකක් නියත වශයෙන්ම ඔබ සමග එක්කාසු වනු ඇතැයි අල්ලාහ් ඔබට පොරොන්දු දුන් අවස්ථාවේදී, ඔබ (ඒ දෙකෙන්) ශක්තියෙන් අඩු (වෙළෙඳ) සමුහය (අත් කර ගැනීමට) කැමති වූවෙහිය. එහෙත් අල්ලාහ් නම්, තම පොරොන්දුවට අනුව සත්‍යය ස්ථාවර කර ප්‍රතික්ෂේප කරන්නන්ව මුලින් උපුටා දැමීමටම අදහස් කළේය.
لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ
එබැවින් ඔහු පාපතරයන් පිළිකුල් කළද, බොරුව විනාශ කර දමා (මෙසේ) සත්‍යය ස්ථීර කළේය.
إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُرْدِفِينَ
(ඔබව) ආරක්ෂා කර ගන්නා මෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී “බළ ඇණි, බළ ඇණි වශයෙන් (ඔබව අනුගමනය කර පැමිණිය හැකි) මලායිකාවරුන් දහසක් මගින් නියත වශයෙන්ම මා ඔබට උදව් කරන්නෙමි” යයි ඔහු ඔබට පිළිතුරු දුන්නේය.
وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
ඔබගේ හෘදයන් මෙමගින් තෘප්තියට පත් වීම පිණිස එක් ශුභාරංචියක් වශයෙන්ම මෙය අල්ලාහ් (ඔබට) පත් කර ඇත්තේය. අල්ලාහ්ගේ සන්නිධානයෙන් මිස, (ඔබට) මෙම උදව්ව ලැබුණේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ
(විශ්වාසවන්තයිනි! ඔබගේ සිත) ශාන්තියට පත් වීම සඳහා දෑසට නින්ද ඔබව වෙළා ගන්නට සැලැස්වීම, (දෙවියන්) තම සන්නිධානයෙන් ඇති කිරීම ගැන සිතා බලනු මැනව! තවද (ඒ අතර) ඔබව පරිශුද්ධ කර ගැනීමටද, ඔබගෙන් ෂෙයිතාන්ගේ පැල්ලම පහ කිරීම සඳහාද, ඔබගේ හෘදයන් ශක්තිමත් කර, ඔබගේ පාදයන් ස්ථීර කර තැබීමටද (ඔහුම) අහසින් ඔබ කෙරෙහි වර්ෂාවද වැසීමට සැලැස්සුවේය.
إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍۢ
(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “නියත වශයෙන්ම මා ඔබ සමග සිටින්නෙමි. එබැවින් ඔබ විශ්වාසවන්තයින්ව ස්ථීර කරනු” (යයි නියෝග කර) “ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අපි බිය ඇති කරන්නෙමු” (යයි පවසා, විශ්වාසවන්තයින්ට) “ඔබ ඔවුන්ගේ පිටි ඛෙල්ලට උඩින් කපා දමනු. ඔවුන්ව හන්ඳිවලින් කෑලි කෑලි වලට කපා දමනු” යයි දැනුම් දීම ගැන සිතා බලනු මැනව!
ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
මෙයට හේතුව නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද වෙනස්කම් කිරීමය. කවුරුන් හෝ අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ව) දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ
“(ප්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ අත් කර ගන්නට යන දඬුවම) මෙන්න! මෙය ඔබ පොඩියක් විඳ බලනු. තවද (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට (විනිශ්චය දිනදී) නියත වශයෙන්ම නිරා දඬුවම ඇත” (යයි කියනු ලැබේ).
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًۭا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ
විශ්වාසවන්තයිනි! යුද්ධ කිරීමට සේනාව එක්රැස් කරමින් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ මුණ ගැසුණහොත් ඔබ ඔවුන්ට පිටුපස හරවා නොදුවනු.
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍۢ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًۭا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍۢ فَقَدْ بَآءَ بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
(පසුපසට ගිය සතුරාව) කපා දැමීමට හෝ නැතහොත් (තම) සමුහය සමග එක්කාසු වීමට හෝ මිස, කවුරුන් හෝ ඒ අවස්ථාවේදී පිටුපස හැරී (දිව) ගියහොත් නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ කෝපයට ඇතුළු වනු ඇත. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි.
فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ
(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඒ අතර ඔබ ඔවුන්ව කපා දැමුවේ නැත. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව කපා දැමුවේය. (නබියේ! සතුරන් කෙරෙහි) ඔබ (කඩුව) වීසි කළ විට, (එය) ඔබ වීසි කළේ නැත. අල්ලාහ්ම (එය) වීසි කළේය. විශ්වාසවන්තයින්ව අලංකාරවත් අන්දමට පිරික්සීම සඳහාම (මෙසේ කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَٰفِرِينَ
ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය අවමන් කර දැමීමටම නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ කළේය.
إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًۭٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ
(මක්කාවේ වාසය කරන කාෆිර්වරුනි!) ඔබ සොයන ජයග්‍රහණය නම්, එම ජයග්‍රහණය ඔබ ඉදිරියට පැමිණ ඇත. (එහෙත් එය ඔබට නොව. විශ්වාසවන්තයින් වන අපටය! අපිම ඔබට එරෙහිව ජයග්‍රහණය අත් කර ගත්තෙමු. එබැවින් නපුර කිරීමෙන්) මින් පසුව හෝ ඔබ ඈත් වුවහොත් එය ඔබටම හොඳය. මින් පසුවත් ඔබ (නපුර කිරීමට) ඉදිරිපත් වුවහොත්, අපිත් ඉදිරිපත් වන්නෙමු. ඔබගේ සමූහය කොපමණ විශාල වුවද, (එය) ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින් සමග සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වනු. ඔබ (ඔහුගේ දේශනාවන්ට) සවන් දී (පසුව) ඔහුගෙන් ඈත් නොවනු.
Page 1 of 4 (75 ayahs)